Saturday 23 November 2013

හලෝ කීම සිමා කරන්න,දුරකථන ගාස්තු වැඩි වෙන හැටි

ජනවාරි මුල සිට දුරකථන ගාස්තු ඉහළ දැමීමට සන්නිවේදන සැපයුම්කරුවන් තීන්දු කර ඇත.
එ අනුව සියළුම ජංගම දුරකථන ගාස්තු සහ ස්ථාවර දුරකථන ගාස්තු ඉහළ දැමීමට නියමිතව තිබේ.
දත්ත පරිහරණය (ඬේටා) වෙනුවෙන් දැනට අය කරන ගාස්තුද දුරකථන ගාස්තු සමඟ ඉහළ දැමීමට නියමිතව ඇත.
ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් අනූෂ පැල්පිට මහතාගෙන් ශ‍්‍රී ලංකා නිවුස් මේ සම්බන්ධයෙන් විමසීමක් කළේය.
‘‘ වොයිස් සහ ඬේටා සඳහා අය කරන බදු මුදල් ඉහළ දැමුවේ වසර තුනකට පසුවයි. එ් අනුව වොයිස් සඳහා සියයට විස්සක්ව පැවැති බදු මුදල සියයට පහකින් ඉහළ දමා තිබෙනවා.’’ යැයි අනුෂ පැල්පිට මහතා පවසයි.
2010 වනවිට සියයට 31.3 ක් ව පැවැති අදාල බදු මුදල් 2010 දි සියයට 20 දක්වා පහත දැමීමට රජය පියවර ගත් බවද හෙතම කීවේය. එ් අනුව රජය අදාල බදු මුදල් ඉහළ දමා ඇත්තේ වසර තුනකට පසුව බව අනුෂ පැල්පිට මහතා පවසයි.
සමාන්‍යයෙන් එකම ජාලය තුළ මිනිත්තුවක් සඳහා රුපියලක මුදලක් බදු මුදල් සමඟ අයවන බව පාරිභෝගිකයන්ට දැන්වු විටදී මිනිත්තුවක් සඳහා අය කිරීම ඇතැම් ජාලයක රුපියල් 1 ශත 22 හෝ එ් ආසන්න අගයන්හි පැවතිනි. නව බදු පැනවීම සමඟ අදාල අය කිරීම් ගාස්තුව තවත් ඉහළ යනු ඇත.

No comments:

Post a Comment