Sunday 24 November 2013

හුනයි,නයයි,නිලියෝ තුන්දෙනායි

ජනප්‍රිය නිළියන් වන අනර්කලී ආකර්ෂා, ඕෂධී මද්දුමගේ හා දමිතා අබේරත්න හූනෙක් හා නයෙක් සම්බන්ධ  කතාවක් මේ දිනවල කලා කේෂත්‍ර යේ කතාබහට ලක්ව තිබේ.
මේ කතාවට මුල පුරන්නේ සංජය නිර්මාල්ගේ අලුත්ම සිනමා පටය වන 'ජූලි 7යි' චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවූ කළුතර රිච්මන්ඩ් කාසල් ප්‍ර දේශයේදීය.
එම රූගත කිරීම් භූමියට අනවසරයෙන් ආ නයෙක් සංජය විසින් බොතලයකට දමාගෙන රූගත මේ නිළියන් තිදෙනා සිටි ස්ථානයට ගෙනැවිත් තිබේ.
නයා දුටු ඕෂධී හූ තියාගෙන හැමතැනම දුවන අතරේ දමිතා ඇස් වසාගෙන හිරිකිතයෙන් සිටියත් අනර්කලීට නම් ගානක් හෝ නොවුණු බවයි.
මේ අතරේ, අනර්කලීගේ පාදයක් ආසන්නයට හුනෙක්ද වැටී ඇතත් ඉන් ඇසිල්ලකට හෝ ඇය තිගැස්සුනේ නැතත් අනෙක් නිළියන් දෙදෙනා පෙරසේම ජල්ලි අල්ලා තිබේ.
අදාල සිද්ධියත් සමග අනර්කලී වීරවරියක් වෙද්දී ඕෂධී හා දමිතා බිය ගුල්ලියන් වී චිත්‍රපට කණ්ඩායමේ හාස්‍යට ලක්වූ බව ද වාර්තා වේ.

No comments:

Post a Comment