Saturday 23 November 2013

මීලග ශ්‍රී ලංකාවේ ජනාධිපති කාන්තවක්...........

ජනාධිපතිවරණ සටනට කාන්තාවන් තිදෙනෙක් ලබන වසරේ මුල් මාස කිහිපය තුල ජනාධිපතිවරණයක් කැඳවුවහොත්, විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, 43 වන අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක සහ හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා යන මහත්මීන්ගෙන් කෙනෙකු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලනඥයින් අතර මේ දිනවල රහසිගත සකච්ජා වටයක් ආරම්බ වී ඇත. පොදු අපේක්ෂිකාව ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ඉදිරිපත් කිරීමේ හැකියාව සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ ඇමතිවරු කිහිපදෙනෙකු එජාප ජාතික නායක රනිල් වික්‍රමසිංහ සමග පසුගිය සතියේ සාකච්ජා දෙකක් පවත්වා ඇතැයි වාර්තාවේ. එසේම, ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය පොදු අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාවක් පවතින බව ජේෂ්ඨ නීතිඥයින් පිරිසක් ද පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතා හමුවී දැනුම් දී තිබේ. මාධ්‍ය විමසීමකදී ෆොන්සේකා මහතාගේ 'ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ' ප්‍රකාශකයකු කර සිටියේ, තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකාව ලෙස අනෝමා ෆොන්සේකා මහත්මිය ඉදිරිපත් දැනටමත් කර ඇතිබවයි. එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම්, ෆොන්සේකා මහත්මිය විපක්ෂයේ පොදු අපේක්ෂිකාව ලෙස නම් කිරීම සම්බන්ධයෙන් ෆොන්සේකා මහතා, ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ජා කිරීමට නියමිත බවද ඔහු පැවසිය. රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට එම පක්ෂයේ වෙනත් අයකු ඉදිරිපත් වුවහොත්, අනෝමා ෆොන්සේකා මහත්මිය අනිවාර්යයෙන් තරඟ කරන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසිය. ජනධිපති ක්‍රමය අහෝසි සඳහා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කල යුත්තේ කිසිඳු දේශපාලන පක්ෂයක සාමාජිකයකු නොවන, ජන සමාජය විසින් පිළිගත් වඩාත් විශ්වාසවන්ත අයකු බව ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය වී ඇත

1 comment: