ලිංගික ශක්තිය වැඩි වෙන්න නම් කන්න ඕන ආහාර මොනවද?
මිනිසුන් තමන්ගේ ජීවිතය හැම අතින්ම තෘප්තිමත් මට්ටමකට ගෙන එන්නට නොගන්නා උත්සාහයක් නැත. විශේෂයෙන්ම ලිංගික ජීවිතය ගැන ඔවුහු වැඩි අවධානයක් යොමු කරන අවධියකට දැන් ළඟා වී සිටිති.
මිනිසාගේ ලිංගික ක්‍රියාකාරකම් සහ නිර්මාංශ ආහාර පුරුද්ද අතර සම්බන්ධතාවක් ගැන විද්‍යාඥයෝ පිරිසක් පර්යේෂණයක නියැළුණ හ. ඔවුන් කියන විදියට වඩාත් හොඳ ලිංගික ජීවිතයක් තිබෙන්නේ නිර්මාංශ ආහාර පුරුද්දට හුරුවුණු අයටයි.
ශාකමය ද්‍රව්‍ය වැඩිපුර ආහාරයට ගත්විට එයින් ශරීරයේ හෝර්මෝනවලට බලපෑමක් ඇති වේ. ලිංගික ක්‍රියාකාරකම් සඳහා හේතුවන හෝර්මෝන මට්ටම ඉහළ නැංවීමට ශාකමය ආහාර හේතුවන බව විද්‍යාඥයෝ පවසති. මෙසේ ඉහළ යන්නේ ෆයිටෝඊස්ට්‍රජන් නමැති හෝර්මෝනය යි. මේ හෝර්මෝනයේ ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක තිබෙන්නේ මිනිසා හැරුණු විට සෙසු පි‍්‍රමේටාවන් තුළයි.
උගන්ඩාව නිජබිම කරගත් රතු වානර විශේෂ තුළ ෆයිටෝඊස්ට්‍රජන් හෝර්මෝනය වැඩි ප්‍රමාණයක් තිබෙන බව අනාවරණය වී ඇත. මාස 11 ක් පුරා උගන්ඩා රතු වානරයන්ගේ ආහාර චර්යාව පිළිබඳ අවධානය යොමු කරමින් උගන්ඩාවේ කිබාලේ ජාතික වනෝද්‍යානය පුරා සැරිසරන්නට විද්‍යාඥයන්ට සිදුවිය.
මේ වානරයන් තම සහකරුවන් හෝ සහකාරියන් සමඟ සංසර්ගයේ යෙදෙන ආකාරය, යෙදෙන වාර ගණන, මෙන්ම ඔවුන් ගැටුම් ඇතිකරගන්නා ආකාරය සහ වාර ගණන ගැනත් තොරතුරු එකතු කෙරිණි. වානරයන්ගේ ශරීරවල තිබෙන හෝර්මෝන ප්‍රමාණයන්, ඒවායේ වෙනස්වී යෑමත් සම්බන්ධයෙන් දත්ත ලබා ගන්නට පුළුවන් වුණේ වානරයන් ගේ මළ සාම්පල පරීක්‍ෂා කර බැලීමෙනි.
එවිට විද්‍යාඥයන්ට දකින්නට ලැබුණේ වානරයන් තුළ ෆයිටොඊස්ට්‍රජන් වැඩිවන්නේ ඔවුන් වැඩිපුර ශාකමය ද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් බවයි.
වැඩි වශයෙන් ඔවුන් කෑමට ගෙන තිබුණේ සෝයා බෝංචි ශාකයට සමාන ශාකයක කොටස් ය. ඊස්ට්‍රජන්වලට සමාන රසායනික සමූහයක් සහිත රසායනිකයක් ඒවායෙහි අඩංගුව තිබෙන බව පැහැදිලි විණි. ඔවුන්ගේ ශරීර තුළට ලිංගික කටයුතුවලට හේතුවන හෝර්මෝනත්, මානසික ආතතිය පාලනය කරන හෝර්මෝනත් වැඩිපුර ලැබී තිබිණි. මේ වෙනස්කම ප්‍රජනන කටයුතු සඳහා හිතකර ආකාරයෙන් බලපා ඇති බව ද පෙනී ගියේ ය.
යම් යම් ක්‍රම උපයෝගී කරගෙන වානරයන්ගේ මේ හෝර්මෝන මට්ටම නියමිත ප්‍රමාණයට වඩා අඩු වැඩි කරමින් විද්‍යාඥයෝ තොරතුරු රැස් කළහ. එවිට තම සහකරුවන් හෝ සහකාරියන් කෙරෙහි වානරයන් දැක්වූයේ කලින් දැක්වූවාට වඩා වෙනස්ම ආකාරයේ චර්යාවකි. බොහෝවිට තම සහකරුවන් හෝ සහකාරියන් සමඟ ආරවුල් ඇතිකරගන්නට වානරයෝ පෙලඹුණහ.
මේ අනුව හෝර්මෝනය ලිංගික කටයුතු සඳහා අවශ්‍ය බවත්, එය නියමිත මට්මින් පවත්වාගෙන යෑම වැදගත් බවත් තහවුරු කරගන්න විද්‍යාඥයන්ට අපහසු වූයේ නැත. අනෙක් අතට හෝර්මෝනය වානරයන්ගේ ශරීරවලට පහසුවෙන්ම ලැබෙන මඟක් විද්‍යාඥයෝ අනාවරණය කරගත්හ.
පර්යේෂණය සිදුකළ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයෝ ‘හෝර්මෝන්ස් ඇන්ඩ් බිහේවියර් ජර්නලයෙහි මෙසේ පළ කළහ.
“මිනිස් ශරීරය තුළ හෝර්මෝන මට්ටම සහ මිනිසාගේ සමාජීය චර්යාව වෙනස් කිරීමෙන් මිනිසාගේ ප්‍රජනන කටයුතුත්, සෞඛ්‍යයත් කිසියම් විදියකින් වෙනස් කරන්නට පුළුවන්. මේ කටයුත්තේ දී ශාක ලොකු කාර්යයක් ඉටු කරනවා. මිනිසාට සමීප සෙසු පි‍්‍රමේටාවන් තුළ වගේම මිනිසා තුළත් මේ වෙනස ඇතිවෙනවා…”
මේ අනුව පර්යේෂකයන් පැහැදිලිව කියා සිටින්නේ ලිංගික කටයුතුත්, ප්‍රජානන කටයුතුත්, පුද්ගල සෞඛ්‍යයත් යහපත් මට්ටමක පවත්වාගෙන යන්නට නිර්මාංශ ආහාර පුරුද්ද ඉතා වැදගත් බවයි.
මේ පර්යේණයෙන් ලද ප්‍රතිඵලවලට සමානම කතාවක් කියන්නට සත්ත්ව අයිතිවාසිකම් සම්බන්ධ ආයතනයක් දැන් ඉදිරිපත් වී සිටී. මේ ආයතනය පෙටා යනුවෙන් හැඳින්වෙන එකකි. ඔවුන් කියන්නේ කුමන ආකාරයෙන් හෝ පලතුරු සහ එළවළු පමණක් වැඩිපුර අනුභව කිරීම පුරුෂ ශක්තිය වැඩීමට හේතුවන බවයි. මේ සංවිධානය පෙන්වා දෙන්නේ මස්, මාළු, බිත්තර, කිරි ආහාර ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය නැංවීමට හේතුවන බවකි. එයින් රුධිර සංසරණ වේගය පහළ වැටේ. එවිට ශරීර අවයවවලට බලපෑමක් ඇති වේ.
එය ලිංගික ජීවිතයට බලපාන බව එහි නිලධාරීහු පෙන්වා දෙති. බිත්තර, මස්, සහ කිරි ආශි‍්‍රත ආහාරවල අඩංගුවන්නාක් මෙන්, එළවළු පලතුරු සහිත ආහාර වල සත්ත්ව මේදය හෝ කොලෙස්ටරෝල් අඩංගු නැත. මේ නිසා මිනිසාට ශරීරයේ උසට සරිලන ලෙස බර පවත්වා ගැනීමට පහසුවේ. ශරීරයේ හැඩයක් යෝග්‍යතාවත් නිසි ලෙස තබා ගන්නට අපහසුවක් ඇතිවන්නේ නැත.
අනෙක් අතට ලෙඩ රෝගවලින් තොරව සිරුර පවත්වාගෙන යාමටත් ශාකමය ආහාර හේතු වේ. දියවැඩියාව, හෘද රෝග, ආඝාතය, පිළිකා, ස්ථුලතාව මඩින්නට ශාකමය ආහාර තරම් සුදුසු අන් කිසිවක් නැත. පෙටා සංවිධානයේ බ්‍රිතාන්‍ය අධ්‍යක්‍ෂ මිමි බෙකචි කියන්නේ මාංශභක්‍ෂණයට හුරුවුණු අයගේ ලිංගික ඹ්ෂතය, ආදරය යනා දී දේ අතෘප්තිකර මට්ටමකින් ගෙවී යන බවයි.
එහෙත් නිර්මාංශ ජීවිතයට හුරුවුණු අය ආදර සම්බන්ධතා, ලිංගික ජීවිතය මෙන්ම සෞඛ්‍යය ද තෘප්තිමත් මට්ටමකින් පවත්වාගෙන යති. එතැන ඇත්තේ සතුටයි.
තෘප්තිමත් ජීවිතයකට සතුට භුක්ති විඳින්නට හැකි නම් මිනිසුන්ට එතරම් ධනයක් තවත් කොහෙ ද? සතුට සහ තෘප්තියම යළිත් නිරෝගී ජීවිතයකට මඟ පාදයි. ගතට සිතට සවිය ගෙනෙන වඩාත් සුවපහසු, සැනසිලිදායක දිවියකට හුරුවනවා මිස අනෙකක් ගැන තවත් සිතිය හැකි ද?
No comments:
Post a Comment