Thursday 21 November 2013

මුරලිදරන් පාර්ලිමේන්තුවට..රජිව විජේසිංහ එලියට.....

ඩේවිට් කැමරන් හමුවේ ලංකා ආණ්ඩුවේ ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීමට සවිඥානික දේශපාලන මැදිහත්වීමක් කළ මුත්යියා මුරලිදරන් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ උත්සාහයක් පිළිබද ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයෙකු ගන්නා උත්සාහයක් පිළිබද තොරතුරු අනාවරණය වේ.
මේ සදහා හේතු වී ඇත්තේ ලංකාවේ මානව හිමිකම් කඩවී ඇති බවට විශාල ඝෝෂාවක් නැගූ ඩේවිට් කැමරන්ට එය එසේ නොවන බව පවසා ලංකාවේ ආර්ථිකය දියුණු කිරීමට ආයෝජනය කරන ලෙස ඉල්ලා සිටීමයි.

ඒ අනුව ආණ්ඩුවේ සිටින ඇමැතිවරයෙකුටත් වඩා වැඩි දේශපාලනික උනන්දුවකින් ආණ්ඩුව ආරක්ෂා කිරීමට කටයුතු කර ඇති බැවින් මුරලි ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තු දැමීමට අදාල ඇමැතිවරයාගේ යෝජනාව වී ඇත.

මේ සදහා ජේෂ්ඨ අමාත්‍යවරයකු සමඟවූ කතා බහකදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇති අතර එහිදි මේ වන විට ආණ්ඩුව සමග යම් විරසකයක සිටින ජාතික ලැයිස්තු මන්ත්‍රී රජීව් විජේසිංහගේ අසුන පිළිබදවද සාකච්ඡා කොට ඇති බවද වාර්තාවේ.

No comments:

Post a Comment