Thursday 28 November 2013

ස්වාධීන වූ එජාප මන්ත්‍රීවරුන් අද නායකත්ව මණ්ඩලය හමුවට..

මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායකවරයා සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවක් පළාත් සභාව තුළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ස්වාධීනව කටයුතු කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මන්ත්‍රීවරුන් අද (28දා) එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලය වෙත කැඳවා ඇති බව මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සංජීව කවිරත්න මහතා පැවසීය.
පසුගිය කාලය තුළදී විපක්ෂ නායක පත් කිරීමේදී මාත‍ලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන රෝහණ බණ්ඩාරනායක හා තමන් ලකී ජයවර්ධන මහතා විපක්ෂ නායකවරයා ලෙස පත් කරන ලෙස ඔහුට සහයෝගය
ලබා දුන් බවත් ඒ නිසා විපක්ෂ නායකවරයාගේ ක්‍රියාවන් නිසා තමන් අපහසුතාවට පත්ව ඇති බවද කවිරත්න මහතා පැවසීය.
දිගින් දිගටම පක්ෂයේම පිරිස් විසින් විවිධ දේ කියමින් සිටින නිසා රෝහණ බණ්ඩාරනායක හා තමන් ස්වාධීනව කටයුතු කරන බවත් මේ තත්ත්වය යටතේ විපක්ෂ කණ්ඩායම් රැස්වීම පවා වර්ජනය කිරීමට තීරණය කර ඇති බවද කවිරත්න මහතා පැවසීය.

No comments:

Post a Comment