Saturday 23 November 2013

පාර්ලිමේන්තු මන්ත්‍රී පුතාගේ පෙම් පල හිලවුවට ඇන්ජෙලා සෙනවිරත්නගේ කොණ්ඩය කැපු ආර්යාව කවුද/

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ විවාහය දෙකඩ වූයේ තමා නිසා යැයි වන මතය මුලාවක් බව නිළි ඇන්ජලා සෙනවිරත්න හෙළිකර තිබේ.
රසදුන අතිරේකයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඇය මේ ගැන හෙළිකර ඇත.
ඇන්ජලා පවසා ඇත්තේ තමා ගාමිණී හා සම්බන්ධවූයේ ඔහු කඩුගන්නාව ප්‍ර දේශයේ තනිව ජීවත්වන අවදියේදී බවයි.
ගමිණී, අධ්‍යක්ෂණය කළ කොටි වලිගයචිත්‍රපටයේ තමාව චරිතයකට තෝරාගත් බවත් පවසන ඇන්ජලා, ඒ නිසා ඔහු සමීපව ඇසුරුකරන්නට ලැබුණු බව ද හෙළිකර ඇත.
ඇන්ජලාගේ තොරතුරු දැනගත් ගාමිණී ඇයට විවාහ යෝජනාවක් ගෙනා බවද පවසන්නීය.
තම විවාහයත් අසාර්ථකවී තිබූ හෙයින් ඊට කැමැත්ත පලකර තමා ගාමිණී සමග වසර හත අටක යුග දිවියක් ගත කළ බවද ඇය කියන්නීය.
වැඩිදුරටත් ඇය මෙසේද පවසා තිබේ.
සුමිත්‍රා මහත්මිය (ටීනා) (ගාමිණීගේ පළමු බිරිය) කවදත් මට ආදරය කළ කෙනෙක්. මගේත් ගාමිණීගේත් දරුවන් වූ කෞශල්‍යා හා පූර්ණිමාගේ විවාහ මංගල උත්සවවලදී ටීනා අක්කා කටයුතු කෙරුවේ ඔවුන්ගේ මවක් වගේ. ගාමිණී නැති අඩුව ඇය පිරෙව්වා. ඒ කාලයේ සමහරු අපව තරහා කිරීමට නොයෙක් මාන බැලුවත් ටීනා අක්කා මාව හොඳින් තේරුම් ගත් කෙනෙක්. ඇය මිය යාම මට මගේම ‍ෙසායුරියක් මියගියා වැනි හැඟීමක් ඇති කෙරුවා.
විදෙස්ගතව සිටි ඇන්ජලා මේවන විට ලංකාවට පැමිණ සිටින අතර ඇය පසුගිය 02 වැනිදා සිට යළිත් රඟපෑමට ද එකතුව සිටී.
ඇය මෙසේ රගපෑමට එක්ව සිටින්නේ ප්‍රසන්න විතානගේ විධායක නිෂ්පාදක ලෙසින් කටයුතු කරන මදර්චිත්‍රපටයේ චරිතයක් රඟපාමිනි.
මදර්ඉංග්‍රීසි චිත්‍රපටය රෙහාන් මුදන්නායක නම් වූ ආධුනික සිනමාකරුවාගේ ප්‍රථම අධ්‍යක්ෂණය වේ.
මදර්චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උලෙළ කීපයක් ඉලක්ක කරගෙනම තනන චිත්‍රපටයකි.
ඉංග්‍රීසි ලේඛක අශෝක් ෆෙරී විසින් ලියූ කතාවක් ඇසුරින් සැකසූ මදර්චිත්‍රපටයේ අපේ ප්‍රවීණ නිළියක වන කෞශල්‍යා ප්‍රනාන්දු ද චරිත මවයි.
ජෙහාන් මෙන්දිස්, බිම්සර සේනාරත්න, රුවින් ඩි සිල්වා ඇතුළු තවත් නළු නිළියන් පිරිසක් මෙහි රඟති.
එම සංවාදයේදී ඇයට එල්ලවූ ප්‍රශ්න කිහිපයක් පහත දැක්වේ.
* මීට වසර ගණනාවකට කලිනුත් එක්තරා බලවත් කාන්තාවක් ඔබගේ කෙස්වැටිය කපා දැමුවාය කියලා රාවයක් ගියා නේද? ඇයි ඔබ මේ කටකතාවලට ආකරයක් වන්නේ?
ඒ කාන්තාවගේ පුත්‍රයා හා මා අතර සම්බන්ධයක් ඇතිවීම නිසා ඇය ඉන් අමනාපයට පත්ව මෙය කළ බවයි ප්‍රචාරය වුණේ. ඇත්තටම මේ කතාව ප්‍රචාරය වන විට මම ඇගේ පුතා හැබැහින් දැකලාවත් තිබුණේ නැහැ.
* ඔබෙත් ගාමිණීගේත් දියණියන් දෙදෙනා වූ කෞශල්‍යා හා පූර්ණිමා දැන් කෝ?
ඔවුන් දෙදෙනාට ගාමිණී හුඟාක් ආදරය කළා. මම ඔවුන්ට උසස් අධ්‍යාපනයක් ලබා දුන්නා. ගාමිණීගේ ජීවිතයේ අන්තිම කාලයේ ඔහුට සැනසීමක් තිබුණා නම් ඒ අපේ දරුවන් දෙදෙනායි. දැන් ඔවුන් පදිංචිව සිටිනුයේ ඕස්ට්‍රේලියාවෙයි. ඔවුන් උසස් රැකියාවලටත් අනුයුක්ත වී සිටිනවා. මට මගේ දුවලා නිතර ප්‍රශංසා කරනවා ගෙදර මොන ප්‍රශ්න තිබුණත් ඔවුනට උසස් අධ්‍යාපනය ලබාගැනීමට උනන්දුවීම ගැන. මේ දෙදෙනාම දැන් විවාහකයි.
මගේ වැඩිමහල් දියණියත් ඕස්ට්‍රේලියාවේ රැකියාවක නිරත වී සිටිනවා. ඇයත් උසස් අධ්‍යාපනය ලැබුවා. ඇය නම් තවම අවිවාහකයි.
* කටකතාවලින් ‍හෙම්බත්ව සිටි ඇන්ජලා දැන් නිදහස් කෙනෙක්ද?
ඇත්තෙන්ම ඔව්. අපි ඉන්නේ මොරටුව මගේම නිවෙසේ. පසුගිය වසර එකහමාරක් පමණ මම ම‍ෙග් දුවලා සමඟ ඕස්ට්‍රේලියාවේ ගතකළා. එය මට ලොකු සහනයක්. වඩාත් හොඳ නිර්මාණ වෙනුවෙන් මගේ කාලය කැප කිරීමට සිතනවා. මා හාපුරා කියා ප්‍රසිද්ධ වේදිකාවේ ගී ගැයූ සයනාරා සංගීත ප්‍රසංගය දැන් යළිත් පැවැත්වීමට සූදානම් කර තිබෙනවා. මට ආරාධනා ලැබුණා එහි ගී ගැයීමට. රඟපෑමත් ගායනයත් මගේ ඉදිරි ජීවිතයේ අඳුරු කඩතුරා මකා දමාවි.

No comments:

Post a Comment