Wednesday 20 November 2013

හැමෝම කියවන්න..මිනිස්කම රජයන් මොහොතක්



හදිසි අනතුරකින් වසර කිපයක සිට සිහි සුන්ව සිටින ඩිලූ රොෂාන් මහතා සුවකර ගැනිමට අවශ්‍ය මුදල් එකතු කර ගැනීම සඳහා ඉතාලියේ මිලානෝ නුවර දොන් බොස්කෝ ශාලාවේදී පැවැත්වු මිලානෝ සුවපත්සේවා සංගමය කීර්ති හෙට්ටිතන්ත්‍රිගේ කාලාර්ථයේ ගී සැඳෑව නම් වු සංගිත වැඩසටහනින් යුරෝ 4310ක(රුපියල් 775800) මුදලක් එකතුකර ගත් බව මිලානෝ සුවපත්සේවා සංවිධානයේ ප්‍රධාන සංවිධායක ලෙස්ලි ලෝව් මහතා වේදිකාව මතදීම පැමිණසිටි සියල්ලන්ටම ඇසෙන සේ අයවැය වාර්තාවක්  ඉදිරිපත් කළේය.
එම මුදල වෙන්නප්පුව මහජන බැංකුවේ තැන්පත්කිරීමට  මිලානෝ නගරයේ බැංකු නියෝජිතයෙකුට භාර දුන්නේය.

  ඉතාමත් සාර්ථකවු මෙම වැඩසටහනට ප්‍රධාන අමුත්තන් ලෙස ප්‍රවීන චිත්‍රපට කැමරා අධ්‍යක්ෂක ඇන්ඩෘ ජයමාන්න,සංගිත අධ්‍යක්ෂක නවරත්න ගමගේ සහ ගීත රචක ෂෙල්ටන් සිල්වා යන මහත්වරු ආහ. රොෂාන් වයික්කාල උතුරු කම්මල අංක 52 නිවසේ පදිංචි වී සිටියි.

No comments:

Post a Comment