Saturday 23 November 2013

තවත් ඇමැතිවරු 22ක් ලගදීම ජනතාවට බාරදෙයි.

ඇමැති මණ්ඩලය සදහා තවත් ඇමැතිවරු 22 ක් එකතු වීමට නියමිත බව වාර්තා වේ.ඒ දිසා ඇමැතිවරුන් පත් කිරීමට ආණ්ඩුව පිදුරු පත් සකස් කරමින් සිටි.දිසා ඇමතිවරුන් පත් කිරීම ප‍්‍රමාද වන්නේ ඉන්දියාවේ බලපෑමකට අනුව බවට ආණ්ඩු පක්‍ෂ මන්ති‍්‍රවරුන් අතර පසුගියදා කතා බහක් ඇතිවී තිබේ.
රජය දිසා ඇමතිවරුන් පත් කිරීමට යන බවට මෙයට පෙර වාර්තා වුවද නව අමාත්‍යවරුන් පත් කිරීමේදී දිසා ඇමතිවරුවන් පත් කිරීමක් නොකිරිනි.
දිසා ඇමතිවරුන් පත් කිරීමේදී උතුරු හා නැගෙනහිර පළාත්වලට එය අහිතකර ලෙස බලපාන බවට ඇතැම් පක්‍ෂ එ සම්බන්ධයෙන් රහසිගතව ඉන්දියාව දැනුවත් කර ඇතැයිද වාර්තා වේ.
ඉන්දියාව ශ‍්‍රී ලංකාවේ දිසා ඇමතිවරුන් පත් කිරීම සම්බන්ධයෙන් දැඩි බවක සිටින්නේ ඉහත කාරණා සමඟ බව අදාල මන්ත‍්‍රිවරුන්ගේ අදහස වී තිබේ.
එසේ වුවද නැවත වතාවක් දිසා ඇමතිවරුන් පත් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබෙන බව තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි.

No comments:

Post a Comment