Saturday 23 November 2013

ජෙයපාලන් අත් අඩංගුවට ගැනීමේ අරමුණ මොකද්ද?

වව්නියාව මාන්කුලම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකීය දමිළ කවි ජෙයපාලන් මහතා ප්‍රශ්න කිරීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට භාරදෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ වව්නියාව මාන්කුලම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති මෙම කලාකරුවා අත්අඩංගුවට පත් වූයේ සිය මෑණියන්ගේ මරණය අනුස්මරණය කිරීම සඳහා ඇයගේ දේහය වලදමා ඇති වව්නියාව මාන්කුලම් ප්‍රදේශයට පැමිණ සිටියදීය.
ඔහු අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස කියැවුණේ වීසා නීති කඩ කරමින් මෙරටට පැමිණීමය.

අත්අඩංගුවට ගැනීමට පෙර හෙතෙම සතියකට වැඩි කාලයක් මෙරට රැඳි සිට ඇති බව පැවසෙන අතර එම කාලයේදී මාධ්‍යයට සම්මුඛ සාකච්ඡා ද ලබා දී ඇති බව පැවසෙයි.

මේ අතර ජෙයපාලන් මහතා අත්අඩංගුවට ගැනීම ගැන තමා කම්පාවට පත් වන බව අධිකරණ ඇමති රවුෆ් හකීම් මහතා පවසයි.
ජෙයපාලන් වරදක් කර නොමැති බවත් සිංහල, ද්‍රවිඩ හා මුස්ලිම් ජනතාව අතර ප්‍රතිසංවිධානය වෙනුවෙන් කටයුතු කරන හෙතෙම ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රියාවකට මැදිහත් නොවන පුද්ගලයෙකු යැයිද ඔහු පවසා ඇත.

(ඇතැම් මාධ්‍යන් මොහු ඉන්දීය සිනමා කලාකරුවකු ලෙස හඳුන්වා තිබේ. එහෙත් ජෙයපාලන් ශ්‍රී ලාංකියෙකි. 1983 ජූලී කළබල හේතුවෙන් ශ්‍රී ලංකාව අතහැර ගිය ජෙයපාලන් ඉන්දියාවට ගොස් චෙන්නායි හී වාසය කෙළේය. මෑතකදී ඉන්දීය සිනමා තිර රචකයකු හා නළුවෙකු ලෙස කටයුතු කොට තිබේ. ජෙයපාලන්ගේ කවිය ශ්‍රී ලාංකික දෙමළ කවියෙහි අනන්‍යතා සලකුනක් සේ සළකයි. විශේෂයෙන්ම පීඩාවට පත් ජනතාවගේ වේදනාව, බලපොරොත්තු ඔහුගේ කවියට විෂය විය.

හැත්තෑ එකේ කැ‍රැල්ල සියැසින් දු‍ටු ජෙයපාලන් ඒ කවියට පෙ‍රැලුවේ 71 වසන්තය ලෙසිනි. 71 අරගලය සම්බන්ධයෙන් මෙතෙක් ලියැවී ඇති විශිෂ්ටතම කාව්‍යක් ලෙස ඒ සැලකේ.)

No comments:

Post a Comment