Thursday 28 November 2013

සන්ධානයේ පුංචි ආණ්ඩු 6 කම ගෙදර...?

රාජපක්ෂ ආණ්ඩුවේ 2014 අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දීපුංචි ආණ්ඩු 6 ක ආණ්ඩු පක්ෂයේ අය වැය මේ වන විට පරාජය වී තිබේ.
අද අලූතින්ම අය වැය පරාජය වූයේ බලංගොඩ ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සහ අලව්ව ප්‍රාදේශීය සභාවේ 2014 ට ඉදිරිපත් කළ අය වැය යි.
බලංගොඩ ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ අය වැය වැඩි ඡන්ද 8 කින් පරාජය විය. විපක්ෂව ඡන්ද 10 ක් ලැබුනු අතර පක්ෂව ලැබුනු අතර පක්ෂව ලැබුනේ අය වැය යෝජනාව ගෙනා සභාපති ඉන්දු ගුණතිලකගේ සහ තවත් එක් ඡන්දයක් පමණි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය බලය හිමි අලව්ව ප‍්‍රාදේශීය සභාවේ 2014 වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද දෙකකින් අද (28) පරාජයට පත්විය.
මන්තී‍්‍රවරුන් 12 දෙනෙකුගෙන් සැදුම්ලත් අලව්ව ප‍්‍රාදේශීය සභාවේ සන්ධාන මන්තී‍්‍රවරුන් 07දෙනෙකු අයවැය යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කර ඇත.
සභාපතිවරයා සමග එක්ව යෝජනාවට පක්ෂව එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන් 03දෙනෙකු සහ එක් සන්ධාන මන්තී‍්‍රවරයෙකු ඡන්දය භාවිත කර තිබේ.
කෙසේ නමුත් වැඩිදුරටත් වාර්තා වන්නේ දඹදෙණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක සාන්ත බණ්ඩාර මහතා මෙම අයවැය පැරදවීම සඳහා කටයුතු කර ඇති බවයි.
ඔහු එම ප්‍රාදේශීය සභාවේ සභාපති සන්ධ්‍යා කුමාර මහතා සමග අමනාපයෙන්ද පසුවේ. පසුගිද දිනක එම සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් තම නිවසට ගෙන්වා ඇති සාන්ත බණ්ඩාර මහතා ඔවුන්ට භෝජන සංග්‍රහයක්ද ලබාදී පවසා ඇත්තේ මෙම අයවැය කෙසේ හෝ පැරැද්දවිය යුතු බවයි.
ඊට විරුද්ධව ඡන්දය දීමෙන් පක්ෂය යම් විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් වුවහොත් ඒ පිළිබඳ තමන් වගබලා ගන්නා බවත් සාන්ත බණ්ඩාර මහතා එම මන්ත්‍රීවරුන්ට පවසා‍ ඇත.

මීට අමතරව පසුගිය සතියේදී පෑලියගොඩ නගර සභාවේ අය වැය දෙවතාවක් පරාජය විය. රාජාංගනය, මීරිගම, ඇඹිලිපිටිය ආදී ප්‍රාදේශීය සභාවන්හි අය වැය ද පරාජය විය. දැනට ආණ්ඩුව පරාජය වී ඇති සම්පූර්ණ පුංචි ආණ්ඩු ගණන 6 කි.

No comments:

Post a Comment