Sunday 24 November 2013

නීතියේ භාවිතය ඇමැති පවුල් වලට වෙනස් වන්නේ ඇයි..?

මහාධිකරණ විනිසුරු බන්ධුල කරුණාරත්න විසින් අධිකරණ භූමිය සවස් කාලයේදී 'රෝයල් චැනල් සෙන්ටර්' නම් පුද්ගලික වෛද්‍ය සේවා සපයන ආයතනයක රථ නැවතුම් පොලක් ලෙස භාවිතා කිරීමට අවසර දීම මෙම දරුණු ගණයේ අවනීතියයි.

මෙම ක්‍රියාවලිය තුල අවනීතිය බහුවිධ ආකාරයෙන් ක්‍රියාත්මක ය.

අනුරාධපුර අධිකරණ භූමිය ඉදිරිපිට ඇති 'රෝයල් චැනල් සෙන්ටර්' ආයතනයේ හිමිකාරිය වන්නේ ළමාරක්ෂණ අධිකාරියේ සභාපතිනිය වන අනෝමා දිසානායක නම් නීතිඥවරියයි. ඇය නැසී ගිය හිටපු උතුරු මැද පළාත් මහ ඇමැති (එජාප) ජයසේන දිසානායකගේ බිරිඳ ය. එජාපයෙන් මරාණ්ඩුවට බල්ටි ගැසීම නිසා ළමාරක්ෂණ අධිකාරියේ සභාපතිනිය වී සිටී. ඇයද, ඇයගේ පුත්‍රයෙක් වන ආසිරි දිසානායක නම් නීතිඥ වරයාද, අනුරාධපුර අධිකරණයේ නීතිඥ වෘත්තියේ යෙදෙන පුද්ගලයන්ය. ඇයගේ අනෙක් පුත්‍රයා වන ඉසුරු දිසානායක පාසැල් යන කාලයේදී නරක හැසිරීම නිසා කොළඹ ඩී.එස්.සේනානායක විදුහලෙන් එළවා දමන ලද සිසුවෙකි. පසුව පුද්ගලික පාසැලකින් අධ්‍යාපනය අහවර කර දැන් මොබිටෙල් ආයතනයේ සේවය කරන අතර නාමල්ගේ නිල් බලකායේ අනුරාධපුර කටයුතු මෙහෙයවන ප්‍රබලයෙකි. අනෝමාගේ සොයුරු ලලිත් ද සිල්වා යනු මොබිටෙල්හි ප්‍රධාන විධායකවරයා ය. පරම්පරාවම මරාවාදී සට්ටැඹියන් ලෙස මුදල් හම්බ කරති.

ඔවුන්ගේ පුද්ගලික ව්‍යාපාරයක් වූ 'රෝයල් චැනල් සෙන්ටර්' නම් පුද්ගලික වෛද්‍ය පහසුකම් සපයන ආයතනයේ රථ ගාල ලෙස දැන් අනුරාධපුර අධිකරණ භූමිය සවස් කාලයේදී භාවිතාවට ගැනීමට ඉහත කී බන්ධුල කරුණාරත්න විනිසුරුවරයා විසින් අවසර දී තිබේ. සවසට ගාල් කෙරෙන 'රෝයල් චැනල් සෙන්ටර්' හි රථ ආරක්ෂාවට යොදවා ඇත්තේද අධිකරණ භූමියේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන්ම ය.

මෙහිදී පැන නගින ප්‍රශ්න රැසකි.

• අනෝමා දිසානායක ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය ලෙස පුද්ගලික ව්‍යාපාරයක යෙදීමම වරදකි. 'රෝයල් චැනල් සෙන්ටර්' හි සේවයේ යෙදෙන වෛද්‍යවරයෙකු හෝ වෙනත් සේවකයෙකු ළමා අපචාරයක යෙදුනහොත් ඇය ක්‍රියා කරන්නේ කෙසේද යන්න පැහැදිලි කළ යුතුය.

• විනිසුරු බන්ධුල විසින් සිදුකර ඇති අවනීතිය ගැන ප්‍රශ්න රැසක් පැන නගී. අධිකරණ භූමිය රජයේ ඉඩමකි. රජයේ ඉඩම් පුද්ගලිකව හෝ වෙනත් රාජ්‍ය ආයතනයකට හෝ ලබා දිය හැක්කේ රජයේ ඉඩම් සංවර්ධන පනත යටතේය. එහිදී එය සිදුකෙරෙන ආකාර දෙකකි. එක්කෝ ප්‍රදානයක් ලෙස විය යුතුය නැතිනම් බලපත්‍ර ක්‍රමයකින් ලබා දිය යුතුය. එයද සිදුකළ යුතු ආකාර 2කි. කෙටි කාලීනව ලබා දීම හෝ දීර්ඝ කාලීනව ලබා දීම. මේ ඕනෑම ආකාරයකින් ලබා දීමේදී ලබා ගන්නා පාර්ශවය සහ ඊට සම්බන්ධ වන අනෙකුත් පාර්ශව සඳහා කොන්දේසි පැනවේ.

• අනුරාධපුර අධිකරණ භූමිය 'රෝයල් චැනල් සෙන්ටර්' ආයතනයේ රථ ගාලක් ලෙස ලබා දීමේදී මහාධිකරණ විනිසුරු බන්ධුල කරුණාරත්න විසින් ඉහත කී කිසිදු නෛතික ආකාරයකින් ක්‍රියා කර නැත.

• මේ විෂමාචාරය නිසා මතුවට පැන නගින ප්‍රශ්න සඳහාද විනිසුරුවරයා වග කිව යුතුය. අධිකරණ භූමියේ මහාධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය, සිවිල් අධිකරණය සහ අභියාචනාධිකරනයට අයත් නඩු භාණ්ඩ තැන්පත් කර ඇති ගබඩා 4 ක් ඇත. යම් හේතුවකින් එම කාමරයක් කඩා නඩු භාණ්ඩ සොරකම් කිරීමක් සිදුවුවහොත් හෝ අධිකරණ රෙජිස්ට්‍රාර් වරයාගේ භාණ්ඩ සොරකම් කිරීමක් සිදුවුවහොත් වගකීම බාරගන්නේ කව්ද? 'රෝයල් චැනල් සෙන්ටර්' ආයතනය වගකීම බාර ගන්නවාද? අනෝමා දිසානායක වගකීම බාර ගන්නවාද? පොලිසිය වගකීම බාර ගන්නවාද? නැතිනම් මහාධිකරණ විනිසුරු බන්ධුල වගකීම බාරගන්නවාද?

• මහාධිකරණ විනිසුරු බන්ධුලට තමාගේ අම්මාගේ අප්පාගේ බූදලය මෙන් අධිකරණ භූමිය තම හිතවතියන්ගේ ව්‍යාපාර සඳහා ලබා දිය නොහැක. මෙවැනි විෂමාචාරයක යෙදීමට විනිසුරුවරයා අත යට කොපමණ මුදලක් ලබාගෙන තිබේද යන්න සොයා බැලිය යුතුය.

රටක නීති රීති පනවා ඇත්තේ අනවශ්‍ය ප්‍රශ්න ඇති නොවීමට ය. විනිසුරුවරුන්ට නීතිය අතට ගැනීමට හැකියාවක් නැත. විනිසුරුවරුන්ද ක්‍රියා කළ යුත්තේ නීතියට අනුකූලව ය.

ශ්‍රී ලංකාවේ තහනම් කරන ලද ජනමාධ්‍යයක් විසින් අනුරාධපුර මහාධිකරණ විනිසුරුට නීතිය ගැන කියාදීමට සිදුවීම කණගාටුදායක ය.

No comments:

Post a Comment