Monday 25 November 2013

නැගෙනහිර පළාතේ 45000 කට ජාතික හැදුනුම්පත් සහ උප්පැන්න සහතික: ජංගම සේවයේ දෙවන අදියර සදුදා ඇරඹේ.


පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රය හා නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ සංවිධානය) එක්ව සිදුකරන ජංගම සේවාවක්. මඩකලපුවේ තවත් හය දහසකට මේ සතියේ හැදුණුම්පත්.
මඩකලපුව දිස්ත්‍රික්කයේ ජාතික හැදුණුම්පත් ලබා දීමේ ජංගම සේවාවේ දෙවන අදියර නොමැම්බර් මස 26 දින ආරම්භ කිරීමට නියමිත අතර ඒ යටතේ හැදුණුම්පත් නොමැති හය දහසකට වැඩි පිරිසකට පහසුකම් සැලසීමට නියමිතය.
මඩකලපු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 6 ක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම වැඩසටහනේ පළමු අදියර පසුගිය 11 දා සිට 16 වනදා පැවති අතර එහිදී පුද්ගලයින් 2074 කට ජාතික හැදුණුම්පත් ද, පුද්ගලයින් 2200 කට වැඩි පිරිසකට උප්පැන්න සහතික ද නිකුත් කරනු ලැබීය. වසර ගණනාවක් තිස්සේ ජාතික හැදුනුම් පත අහිමිව සිටි පුද්ගලයින් රැසකට ද, යුධ සමයේ ජාතික හැදුණුම්පත් අස්ථාන ගත වූ සිය ජාතික හැදුනුම්පත් ලබා ගැනීම සදහා අයදුම් කළහ.
අවිවාහකව දිගු කළක් පවුල් එක්කයක් ලෙස ජීවත් වූ අය වෙත විවාහ සහතික නිකුත් කිරීමේ වැඩසටහනක් ද මේ යටතේ ක්‍රියාත්මක විය. යුග දිවි අරඹා වසර 36කට පසු මෙම ජංගම සේවයෙන් විවාහ සහතිකය ලබාගත්තේ පෙරිය පිල්ලුමලේ පදිංචි ඩී එම් ගුණබණ්ඩා (85) සහ ඩී එම් අනුලාවතී (52) දෙදෙනාය. පෙර පැවති ජංගම සේවයේ දී දින 6 තුල නීතියෙන් විවාහ නොවි සිටි යුවළ 37ක් නිත්‍යානුකූලව විවාහ කර දෙනු ලැබීය.
මඩකලපුව දිස්ත්‍රික්කයේ ඈත ගම්මාන වෙත ගොස් ඡායාරෑප, මුද්දර වියදම් සහ හැදුණුම්පත් ලබාගැනීමට අවශ්‍ය අනෙකුත් සියඵ පහසුකම් සැපයීම නිසා ඉතා ඉහළ ජනතා සහභාගීත්වයක් මේ සායන සදහා දක්නට ලැබුණි. මෙම ජංගම සේවා වලදී ලබාගන්නා අයදුම්පත් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයෙක් විසින් එම ස්ථානයේ දීම අනුමත කර ලබා ගැනෙන අතර, අන්තර් ජාලය ඔස්සේ දත්ත සහතික කර ගැනීම සිදු කෙරේ. දින 14 කට අඩු කාලයක දී හැදුණුම්පත් ලබාදීම සිදු කෙරේ.
මෙම වැඩසටහනේ දෙවන අදියර යටතේ මේ මස 25 සිට 29 වනදා දක්වා ජංගම සේවා පැවැත්වෙන ස්ථාන මෙස්ය. නෙවැ. 25 - කෝරලෙපත්තු බටහිර (ඔඩ්ඩමාවඩි) , නොවැ . 26 - කෝරලේපත්තු මධ්‍යම (නාවලඩි), නොවැ .27,28 - කෝරලේපත්තු (වාලච්චේනයි), නොවැ 29 - වවුනතිව් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, යන ස්ථාන වල මෙම වැඩසටහන් ක්‍රියාවට නැංවිමට නියමිතව තිබේ.
මෙහිදී ජාතික හැදුනුම්පත සහ වෙනත් අනන්‍යතා සහතික ලබාගැනීමේදී සම්පුර්ණයෙන් නොමිලයේ සේවා සැපයෙන අතර, හැදුනුම්පත් ලබාගැනීමේ ක්‍රියාවලියේදී අදාල ඡායාරූප පවා නොමිලයේ ලබාදීමට ශ්‍රිලංකා මානව හිමිකම් කේන්ද්‍රය සහ කැෆේ සංවිධානය කටයුතු යොදා තිබේ.

No comments:

Post a Comment