Wednesday 20 November 2013

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩේ,ජෙෂ්ටයෝ හා රාජපක්ෂ වාදීන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයක ගොඩනැගීමට එම පක්ෂයේ ජේෂ්ඨයින් පිරිසක් මේ දිනවල රහසිගතව සාකච්ජා පවත්වමින් සිටින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
මෙය සංවිධානය සැම දිස්ත්‍රීක්කයක්ම ආවරණය වන පරිදි රහසිගතව ක්‍රියාත්මක කර, ජාතික මැතිවරණයකදී කරලියට ගෙන ඒමටත් තීරණය කර ඇත.
මෙවැනි සංවිධානයක් ගොඩනැගීමට තීරණය කර ඇත්තේ, රාජපක්ෂ පාලනය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනෙන් දින සෝදාපාලුවට ලක් වීමත්, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට සිදුවන අනේකවිද කෙනෙහිලිකම් පිළිබඳවත් සැලකිල්ලට ගනිමිනි.
සැම දිස්ත්‍රීක්කයක්ම දේශපාලන ප්‍රමුඛතාවය එජාපයෙන් පැමිණි අයකුට හෝ රාජපක්ෂවරුන්ගේ ඥාතියකු යටතට පත්කර තිබීමත්, අමාත්‍යංශ වල ටෙන්ඩර් සියල්ල පාහේ රාජපක්ෂවරුන්ගේ මෙහෙයවීම මත සිදුවීමත්, රාජපක්ෂවරුන්ට අභිමත නොවනා ආකාරයට කටයුතු කරන ඇමතිවරුන්ට එරෙහිව අල්ලස් පැමිණිලි ඉදිරිපත්වීමත් ශ්‍රීලනිප ජේෂ්ඨයින්ගේ විරෝධයට හේතුවී තිබෙන බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
'ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධානයට' හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගේ ආශිර්වාදය ද ලැබී ඇතැයි පැවසේ.

No comments:

Post a Comment