Tuesday 19 November 2013

වසර 9 කට පසු නිවාගත් කාම ගින්න........................

වසර නවයක් සිර දඬුවම් විඳ නිදහස්ව පැමිණ දින දෙකකට පසු තම දියණියක් දූෂණය කළ සිවුදරු පියකු මරදාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත. 

සැකකරු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රධාන මහෙස්ත්‍රාත් නදීරා බෝගහදෙණිය මහත්මිය විසින් ලබන 29 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය. සැකකරු මරදාන සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අපරාධ නඩුවක් සම්බන්ධයෙන් වැරැදිකරු වී වසර නවයක සිර දඬුවමක් විඳ පසුගිය 16 වැනි දින සැකකරු බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණ ඇත.

ඔහු සිර ගත වන විට සිය දියණිය ළාබාල වයසේ පසු වුණු දැරියක වුවත් වසර නවයකට පසු නිවසට පැමිණි ඔහුට සිය කුඩා දියණිය වෙනුවට දැකගන්නට ලැබුණේ වයසින් මුහුකුරා ගිය තරුණ ළමිස්සියකි. එහෙත් මේ පාපතරයාට තම ලෙයින් ජාතක වුණු තම දියණිය පිළිබදව ඇති වූ කාමුක සිතුවිල්ල යටපත් කර ගැනීමට නොහකි වන තරමට ඔහු කාමාතුරයෙකු විය.

දියණිය කෙසේ හෝ තමා වෙත නතු කරගෙන රාගය නසා ගැනීමට මාන බලමින් සිටි ඔහු පසුගිය ඉරුදින (18දා) බාල සහෝදරයන් නිවෙසින් පිට වී ගොස් සිටි අතරතුර සැකකරු විසින් තම විසි හැවිරිදි දියණිය දූෂණය කර ඇත. දූෂණයට පත් තරුණිය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර ඇත.

No comments:

Post a Comment