Saturday 23 November 2013

හමුදාවේ අලුත්ම රාජකාරිය -නියගල මල් විනාශ කිරීමයි..

වන්නියෙහි කාර්තිකයි ( නියඟලා) නැමැති මල් ගස් විනාශකර දැමීමේ කටයුතුවල හමුදාව නිරතවී ඇතැයි ග්ලෝබල් පුවත් සේවය පවසයි. එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධවී හමුදාවට එරෙහිව සටන්කර මියගිය සටන්කරුවන්ව සිහිපත්කරන මාවීරර් (මහ විරු)දිනය නිමිත්තෙන් හමුදාව මෙම වැඩපිළිවල දියත්කර තිබේ.

කාර්තිකයි මල දෙමළ ඊළමයෙහි ජාතික පුෂ්පය ලෙස එල්ටීටීඊ සංවිධානය විසින් ප්‍රකාශකර තිබුණි. මාවීරර් දිනය පැමිණෙන කාර්තිකයි (නොවැම්බර්) මාසයේදී මෙම කාර්තිකයි මල අධික වශයෙන් පිපෙන අතර වන්නිය පුරා මෙම මල් පිපී තිබීම දැකිය හැක. මෙම මල මඟින්ද මාවීරුවන්ව ඔවුන්ගේ ඥාතීන් සිහිපත්කරති.
මෙවැනි තත්වයකදී පසුගිය දින කිහිපයක සිට වන්නියෙහි මුර සංචාරයේ යන හමුදා සෙබළුන් මාර්ග දෙපැස තිබෙන කාර්තිකයි මල් පැල උදුරා දමමින් සිටිනු දැකිය හැක. උරුත්තිරපුම්, පරන්දන්, අලිමංකඩ යන ප්‍රදේශවලද මෙලෙස කාර්තිකයි මල් පැල උදුරා විනාශ කිරීමේ කටයුතු ආරම්භකර තිබේ.

මාවීරර් සොහොන් කොත් විනාශකර එය මත හමුදා කඳවුරු ඉදිකර තිබෙන අතර කාර්තිකයි මස පිපෙන කාර්තිකයි මල් තම මාවිරුවන් යැයි ජනතාව සිහිපත්කළෝය. එමෙන් හමුදාව විසින් කාර්තිකයි මල්ද විනාශ කරදැමීමට තීරණය කර තිබේ. කෙසේ නමුත් කාර්තිකයි මල පහසුවෙන් විනාශකර දැමීම නොහැකිවීම විශේෂත්වයකි

No comments:

Post a Comment