Tuesday 26 November 2013

සාදු සාදු බෞද්ධයෝ ලෝකයේ ස්ථිර වෙයි

නේපාලයේ ලුම්බිණිය ආශ්‍රිත කැණීම්වල නිරත පුරාවිද්‍යාඥයින් පිරිසක් ලොව මෙතෙක් හමුවූ පැරණි ම බෞද්ධ සිද්ධස්ථානයේ නටඹුන් සොයා ගෙන තිබේ.

බීබීසී පුවත් සේවය සඳහන් කළේ, ලුම්බිණියේ මහාමායා දේවී විහාරස්ථාන පරිශ්‍රයේ වැළලී තිබියදී සොයා ගත් මෙම නටඹුන් ක්‍රි.පූ. 6 වන සියවසට අයත් වන බව ය.

බෝසතාණන් උපත ලද ලුම්බිණිය සැලකෙන්නේ, යුනෙස්කෝ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කළ ලෝක උරුම ස්ථානයක් ලෙස ය.
මෙහි පුරාවිද්‍යා කැණීම් කටයුතු සිදු කර ඇත්තේ, බ්‍රිතාන්‍යයේ ඩර්හැම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොබින් කොනින්හැම් මහතා ප්‍රමුඛ විද්‍යාඥයින් පිරිසකි.

මහාචාර්ය රොබින් කොනින්හැම් මහතා පවසන්නේ, ලොව මෙතෙක් හමුවූ පැරණිතම බෞද්ධ සිද්ධස්ථානයේ සාක්ෂිය මෙය බව ය.

කැණීම්වලදී දැවමය ‍ගොඩනැගිල්ලක් මෙන් ම පුරාණ ශාඛ කොටස් ද හමුවී තිබේ.

No comments:

Post a Comment