Wednesday 20 November 2013

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට වින කෙරුවේ නාමල් රාජපක්ෂද?


නාමල්ට වඩා යෝග්‍යතාවයෙන් (fitness siklles) වලින් හැකියාවෙන් සහ experience අතින් සුදුසු කී‍්‍රඩකයන්ලංකාවේ ඉන්නවා. 


ස්කොට්ලන්ඞ්වලින් බිහිවූ අතිසුපිරි රග්බි නායකයා වූ ග්‍රේ හෙස්ටින් වරක් පැවසූ ආකාරය රග්බි යනු සෑම උසක්ම, බරක්ම, ශරීර පද්ධතියක්ම නියෝජනය කර හැකි අමුතු කී‍්‍රඩාවකි. උදාහරණයක් ලෙස උස වැඩිකෙනාට ලයින් අවුට් වරක් හොඳම උකහා දැක්විය හැකි, බර මහත කෙනාට පැක් එකේ පොර බදින්න පුළුවන්, හොඳට දුවන්න පුළුවන් කෙනාට වින්ස් වල ප්ලේ කළ හැකි කොට මිටි බර නැති කෙනාට හුකර් ස්ථානයේ කී‍්‍රඩා කර ගත හැකි ..... ඉතින් යෝග්‍යතාවයෙන් ශක්තිමත් වුණු ඕනෑම ශරීර ස්වරූපයක කෙනෙක්ට මේ කී‍්‍රඩාවේ නිරත වීමට හැකියාවක් ඇත.

ලංකාවේද ඕනෑම ශරීරයකින් එකට ගැළපෙන අය සොයාගත හැකි වුණත්, බර අඩු අයකු බර වැඩිකර, මහත වැඩිකර කුඩා කල සිටම සප්ලිමන්ට් පුරුදු කර කී‍්‍රඩාකරන්නාට උනන්දු කරවයි.

රග්බි 15‘ යනු කී‍්‍රඩකයන් 15 දෙනා සමග කරන විවිධ හැඩයත්, ශක්තියත් සමග හරියට කි‍්‍රකට්වල ටෙස්ට් කි‍්‍රකට් මෙන් සුපිරි කී‍්‍රඩාවකි. එය Instant ක‍්‍රමයට කී‍්‍රඩා කළ නොහැක. කී‍්‍රඩකයන් හඳුනාගැනීමේ සිට කණ්ඩායම් හැගීම දියුණු කිරීමේ සිට අවම වශයෙන් මාස 6ක කණ්ඩායම් සංචිතයකින් කී‍්‍රඩා කළ යුතුය.

එහෙත් අපේ රටේ නාමල්නායකයා වන්නේ ඊයේ පෙරේදාය. ඔහු පුහුණුවට යන්නේ පාර්ලිමේන්තු නැති දවසට සහ තරුණ්‍යයේ හෙටක් වැඩසටහනත් නැති දවස්වලටය. එහෙම ටෙස්ට් කණ්ඩායමකට නායකත්වය දීමට බැරිය.

පුහුණකරුවකු අඩුම තරමේ තමන්ගේ කී‍්‍රඩකයන් ගැන, දේශීය තරගාවලියක් ගැන pitch condition ගැන වසරක දෙකක් අධ්‍යනයක් අවශ්‍යය. එහෙත් ලංකාවේ තරග සංවිධානය වන්නේ හිතුමතේය. ටිවී නාලිකාවලට විවිධ සංවිධානවලට ලෝකයේ තියෙන තරගාවලියන්ට සංචිත හදන ආකාරයටය. දිගුකාලීන සැලැස්මක් පෙනෙන තෙක් මානයේ නැත. සැලැස්මක් ලැබුණ පසු අඩුම තරමේ වසර පහකවත් සංචිතයක් ලැබුණු පසු අඩුම තරමේ මාස 18ක තරගාවලි සැලැස්මක් එකක් අඩුම තරමේ අවුරුදු 3programme time table එකක් අඩුම තරමේ... නැතිව මේ ගමන යන්නට බැරිය. එංගලන්තයේ ජනපි‍්‍රය Premiaship Football තරගාවලියට අලූත් කණ්ඩායමක් එකතු කර ගැනීමට නම් අඩුම තරමේ වසර 15-20 ක්වත් බලාගෙන සිටීමට සිදුවේ. ...ඒ 3 rd division ජයග‍්‍රහණය කර 2nd, 1st Dicision ජයග‍්‍රහණ කරමින් සුපිරි පාපන්දු සමාජ තලයට ළංවීමටය. එහෙත් ලංකාවේ සල්ලි තිබ්බොත්, බලය තිබ්බොත්, ‘නාමල්කිව්වොත් එකපාරට කණ්ඩායමක් එකක් හදාගෙන නමක් දාගෙන හෙට සිට වුණත් හොඳම ලීගයේ කී‍්‍රඩා කළ හැකිය. කී‍්‍රඩා බලධාරීන් සංවිධායකයන් තද නින්දේය.

කී‍්‍රඩා පුහුණුකරුවන්ද තරග කාලසටහනද තරග සැලසුම් වෙනස් කිරීමට බලයද නාමල් සතුවනු ඇත. කී‍්‍රඩා ඇමතිවරයාද කී‍්‍රඩා නායකයකුගේ කාර්යභාරය නොදන්නා නිසා නාමල්ට දිගටම නායකකම් කරන්න කියන්නේ තමන්ගේ තනතුරු රැුකගැනීම සඳහාය.

නාමල්ට වඩා යෝග්‍යතාවයෙන් (fitness siklles) වලින් හැකියාවෙන් සහ experience අතින් සුදුසු කී‍්‍රඩකයන් ඕනෑම තරමක් ලංකාවේ කී‍්‍රඩා සමාජවල ඉන්න බව අසත්‍යයක් නොවේ. හැබැයි නාමල්ට තියෙන උණ, උනන්දුව උත්සාහය එක අනෙකුත් කී‍්‍රඩකයන්ට නැතිවෙන්න පුළුවන්. එහෙත් ඒ උනන්දුව සහ හැකියාව නොවේ. එහෙනම් කි‍්‍රකට්වලට උණ තියන වයෝවෘද්ධ පර්සි පවා ජාතික කණ්ඩායමේ සිටිය යුතුය. පර්සි ශී‍්‍ර ලංකා ධජය ගෙනයමින් ලොව වටා cheer කරන ආකාරයට නාමල්ට කී‍්‍රඩා රග්බි කී‍්‍රඩකයකු වීම සාධාරණය. ලෝකයේ දියුණු දක්ෂ රග්බි කී‍්‍රඩාකරන රටවල ජාතික මට්ටමේ කී‍්‍රඩකයන් ගත් කල දිනපතාම නිසි පුහුණුවීම්වල යෙදෙන අතර හිතෙන හිතෙන විදිහට අතරින් පතර තරග එකක් ගහලා සත් සමාජික තරගාවලියක් එකක් ගහලා ජාතික කණ්ඩායමට එන්නේ නැත. වෙන රස්සා කරන ගමන් කී‍්‍රඩා කරන්නේද නැත. එහෙත් අපේ රටේ පමණක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු දිස්ති‍්‍රක්කයට වැඩකරන නායකයකු අතිශය කාර්යබහුල පුද්ගලයකු ජාතික කණ්ඩායමක නායකයාය.

නාමල්ගේ ෆිට් ගතියට කී‍්‍රඩාව තවමත් කඩින්කඩ කිරීම නිසා හොඳ දක්ෂ තරුණයකු නිසා කඩිසරව වැඩකරන නිසා ලෙඩ ශරීරයක් සහ මානසිකත්වය අඩු නිසා කී‍්‍රඩා ඇමතිගේ හෝ නියෝජ්‍ය කී‍්‍රඩා ඇමති වූවාට මගේ විරුද්ධත්වයක් නැත. අනෙක් අයටත් විහිළුවක් වෙන තරමට වැඞී ඇති දක්ෂ සුපිරි කී‍්‍රඩකයන් ඉන්න මොහොතක තමන්ට වඩා ක්ලබ් එකක පාසලේ පිට්ටනිය පුරා දහඩිය මහන්සිය කී‍්‍රඩාව වෙනුවෙන් මිනිසුන් ඉන්න මොහොතක රග්බි නායකයා වීම සුදුසු නැත. අලූතින් ලංකාවම එකතු වූ fencing දිය මත ලිස්සා යෑම,surf, Archary දුනු විදීම, box boilආදී ළගදී බිහිවූ කී‍්‍රඩාවක හෝ Hand Ball ආදී නව ඒකක team sports අලූතින් බිහිවෙන්න තිබෙන කී‍්‍රඩාවට අඩුම තරමේ දේශීය කී‍්‍රඩාවක වන එල්ලේ කණ්ඩායමේ නායකයා වූ විට මගෙන් විවේචනයක් එල්ල වන්නේ නැත.

ඒ කී‍්‍රඩාව ජනපි‍්‍රය කරවීමට කී‍්‍රඩාවට අලූතෙන් අය කැඳවීමට කී‍්‍රඩාවට උත්තේජනයක් ලබාදීමට එය පිහිට වන නිසාය. එහෙත් පාසල් කී‍්‍රඩා තරග ගත්විට කි‍්‍රකට් වලටත් වඩා ජනපි‍්‍රය පේ‍්‍රක්ෂක ආකර්ෂණය තියන කොළඹ 7 සමාජයටත් සුපිරි පැලැන්තියටත් එකසේ ගැලපෙන, හොඳම කී‍්‍රඩා පිටි තියන, සල්ලි තියන කී‍්‍රඩාවකට ඔබතුමා එකතු වූ විට වෙන්නේ තව තවත් කී‍්‍රඩාවට ආකර්ෂණය වීම නොවේ. තව තවත් මිනිසුන් ඉන් ඉවත්වීමයි. කි‍්‍රකට්වලට ගිය කල ක්ලබ් කි‍්‍රකට්වලට ගිය කලට ක්ලබ් කී‍්‍රඩාවත් පත්වෙනු ඇත. එතකොට අපට ක්ලබ් දැකිය හැක්කේ පත්තරවලට ඔබට ආදරේට, බලයට ගිජු බවට කර කියා ගත කමක් නැතිකමට කඬේ යන සමහර මාධ්‍යවේදීන්ගෙන් කී‍්‍රඩා ක්ලබ් තොරතුරු එම පිටුවලට එකට පමණක් සීමා වී බැලීමටය.

යාපනයෙන් දෙවුන්දර තුඩුවෙන් මඩකළපුවෙන් නුවරඑළියෙන් කී‍්‍රඩකයන් නොඑනු ඇත. ඒ වෙනුවට මැති ඇමති රොත්තේ ඊළග පරම්පරාවේ චණ්ඩින්ගේ පුතුන් ක්ලබ් කී‍්‍රඩාකරන ඇත්තේ බව ඔබ පැළැන්තිය ආරක්ෂා කර ගැනීමටය. ඒ ඔබ දුන්න වැරදි පුරා ආදර්ශය නිසාය.

වෘත්තීයමය මට්ටමින් කී‍්‍රඩා කළ කී‍්‍රඩාව නියෝජනයක කරන විශේෂඥයකු ලෙස වැඩිහිටියකු ලෙස නාමල්ට අවවාද කිරීමට උපදෙස් දීමට මට හැකියාවක් තිබිය යුතුය. නැත්නම් සෑම දෙනාම ඔව්! සර්! හොඳයි සර් න්‍යායට හිස නමා කී‍්‍රඩාව විනාශ කරනු ඇත. කී‍්‍රඩා උපදේශකයකු හොඳsports promotor sports leader කෙනෙකු සහ කණ්ඩායමේ නායක එකක කෙනකු යනු වෙන දෙයකි. මෙහි වෙනස නාමල් නොදන්නවා විය හැක. කී‍්‍රඩාව කී‍්‍රඩාවේ ප‍්‍රතිරූපය කී‍්‍රඩාවේ ආකර්ෂණය ඉහළට යාමට කී‍්‍රඩාවට නායකත්වයක් දීම අති සාර්ථකය. එහෙත් කී‍්‍රඩාවේ කණ්ඩායමකට ජාතික කණ්ඩායම නායකත්වය දීම යනු choap වීමකි.

මා පාසල් අධ්‍යපනය ලැබූ එංගලන්තයේ Bodford පාසලේදී කි‍්‍රකට් කී‍්‍රඩාකරන කාලයේදී මගේ විරුද්ධ පාසලේ කඩුුලූ රකින්නා සහ නායකයා වුණේ එරට එවකට අගමැතිව සිටි John Major ගේ පුත‍්‍රයාය. John Major කි‍්‍රකට් කී‍්‍රඩාවට අතිශය ඇලූම් කළ අතර පුතා කී‍්‍රඩා කරන තරග නැරඹීමටද අමතක කළේ නැත. Body Guards ලා නැතිව සාමාන්‍ය මාපියන් ලෙස කී‍්‍රඩාගාරයේ සාමකාමීව ඔහු කි‍්‍රකට් තරග නැරඹුවේය. ලෝඞ්ස් පිටියේ තිබූ ශී‍්‍ර ලංකාවට එරෙහි කි‍්‍රකට් තරගය නැරඹීමට ඔහු කැමතිය. ඔහුගේ බිරිඳත් සමග පවුම් 18ක මිලදීගත් ටිකක් එකක් සමග බීර වීදුරුවක් බොමින් සතුටෙන් අගමැති වුවත් කී‍්‍රඩා තරග නැරඹුවේය.

වසර 3කට පසු මමත් ඔහුගේ පුතාත් එකම ප‍්‍රාන්ත කණ්ඩායමක ගිවිසුම්ගත මුදලට කී‍්‍රඩාකරන කී‍්‍රඩකයෝ වීමු. මට ඔහු මුණගැසුණ අවස්ථාවක මම John Majorගෙන් ප‍්‍රශ්නයක් ඇසුවේ ඔබගේ පුතා දක්ෂ කි‍්‍රකට් කී‍්‍රඩකයෙක්, ඔබ කි‍්‍රකට් කී‍්‍රඩාවට හු`ගක් ආදරෙයි. ඊටත් වඩා ඔබ රටේ අගමැති. ඇයි ඔබේ පුතා ජාතික කණ්ඩායමට යවන් නැත්තේ කියා?

ඔහු මට දුන්න පිළිතුර වුණේ

‘‘මමත් මගේ පුතත් කි‍්‍රකට් කී‍්‍රඩාවට ආදරෙයි. රටට රටේ නමටත් ආදරෙන් මගේ පුතා කණ්ඩායමට බලෙන් එකතු කරලා ඕිස්ටේ‍්‍රලියානුවෝ ඔහුව අඩු ලකුණු ගණකට දවාගෙන අලූ බඳුන දින්නොත් කැංගරුවෝ කියයි කි‍්‍රකට් උපන් එංගලන්තයත් පරදවා ඒ විතරක් නොවේ උන්ගේ රටේ අගමැතිවරයාගේ පුතාගේ ටීම් එකත් පැරද්දුවා කියලා. ඒ අවනම්බුව ගන්න මම කී‍්‍රඩාව වෙනුවෙන් සූදානම් නෑ. කවද හරි මගේ රට අළු බඳුන දිනනකොට මගෙත් මගේ පුතාගෙත් කී‍්‍රඩාවට තිබෙන උනන්දුවේ බලයෙන් cheer කරන්න මම එතනට එනවා.’’


මේ වසරේ මුල් මාස කීපයේදී ඇලෙක්ටෙයාර් කුක් නායකත්වයෙන් අළු බඳුන අති විශිෂ්ට ලෙස කැංගරුවන්ගෙන් ජයග‍්‍රහණය කර ගැනීමට එංගලන්තයට හැකිවිය. එංගලන්ත වැසියෝ අති උද්දාමයට පත්වී සිටියේයැයි අවසන් කඩුල්ල එංගලන්ත දග පන්දු යවන කී‍්‍රඩකයා හවස 4.23ට ලබා ගෙන තරගාවලිය ජයග‍්‍රහණය කරන විට සියල්ලම නැගිට ආචාර කරමින් අත්පොළසන් දෙමින් කී‍්‍රඩාවට ගරුත්වයක් එක ලැබෙන විදිහට cheer කරන්නට වූ හිරුබැස යන ලකුණු පුවරුව එක අන්තයේ පේ‍්‍රක්ෂකාගාරයේ 3 වෙනි පෙළින් එංගලන්ත පවුම් 23කට මිලදී ගත හැකි ටිකට් 2ක් අතැතිව බීර වීදුරු 2ක් රස බලමින් එංගලන්ත ධජය තියන tie 2ක් පැළඳගෙන මුවට රසවත් සිනාවක් රඳවාගෙන John Major සහ ඔහුගේ පුතා Joroey Major රටේ ජයග‍්‍රහණ උද්යෝගයෙන් දෙදෙනාම තමන්ට ආචාර කර ගනිමින් අතට අත දෙනවා දක්නට ලැබුණ we did it ! John ඔහුගේ 45 වියැති පුතුට කියන්නට ඇත. Not you did it කියාය!.

අසංග විජයරත්න - ස්කොට්ලන්තයේ කී‍්‍රඩා හා මානව චාලක විද්‍යා

No comments:

Post a Comment