Sunday 24 November 2013

සහකාරිය මුස්ලිම් නිසා හමුදා සෙබලාට විරෝධය .....

  • නිකාබය පැළඳි මුස්ලිම් තරුණියකගේ බඳ වටා අත දමා සිටින ඇමරිකානු සෙබළෙකුගේ ඡයාරූපයක් සහිත වෙළඳ දැන්වීමක් නිව්යොක් නගරයේ ටයිම්ස් චතුරස‍්‍රයේ ප‍්‍රදර්ශනය කරගත නොහැකිව සිටින බව වාර්තා වේ.  ස්නෝර්ස්ටොප් නම් ආයතනයක් විසින් සකස් කර ඇති මෙම වෙළඳ දැන්වීම නින්දේදී ගෙරවීම නවත්වන මුඛ ස්පේ‍්‍ර දියරයක් ප‍්‍රචාරණය සඳහා වන දැන්වීමකි.
  • කැලිෆෝනියාවේ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ස්නෝර්ස්ටොප් එම වෙළඳ දැන්වීමේ සඳහන් කර ඇත්තේ මෙම යුවල එක්ව තබා ගත හැකි නම්  ඕනෑම යුවලක් එක්ව තබාගත හැකි බවයි.  වෙළඳ ප‍්‍රචාරණ ක්‍ෂෙත‍්‍රයේදී මේ වෙත ඉහළ අවධානයක් හිමිව ඇති බව පැවසේ.  ස්නෝර්ස්ටොප් ප‍්‍රකාශිකා මෙලඩි ඩෙවමාක් පවසන්නේ දැන්වීම හාස්‍යය ඉපදවීම සඳහා සැලසුම් කළ බවයි.
  • සාමාන්‍යයෙන් යුවල් විසින් භාවිතා කරන ස්නෝර්ස්ටොප් ප‍්‍රචාරණය කිරීම සඳහා සාමාන්‍යයෙන් දැකගත නොහැකි යුවලක් යොදාගැනීමට සිතූ බව ඇය පවසා තිබේ.  තමන් හමුදා නිලධාරියකුගේ ඡුායාරූපය වැරදි ලෙස භාවිතා කරන බව බොහෝ දෙනෙක් සිතුවද සාමාන්‍යයෙන් දැකගත නොහැකිමුත් එවැනි යුවල් සැබෑ ලෝකයේ පවතින බව ඩෙවමාක්ගේ අදහසයි.
  • දැනට කැලිෆෝනියාවේ ප‍්‍රදර්ශනය කර ඇති මෙම දැන්වීම ඉදිරියේදී චිකාගෝ සහ ඉලිනොයිස් නගරවල ප‍්‍රදර්ශනයට කිරීමට නියමිත නමුදු නිව්යෝක්හි සුප‍්‍රසිද්ධ ටයිම්ස් චතුරස‍්‍රයේ වෙළඳ දැන්වීම් සඳහා අවකාශය අලෙවි කරන සමාගමක් වන ක්ලියර් චැනල් සන්නිවේදන සමාගම මෙම දැන්වීම තම ඉඩකඩ තුළ ප‍්‍රද්ර්ශනය කිරීම ප‍්‍රතික්‍ෂේප කර ඇති බව වාර්තා වේ.
  • ඔවුන් පවසා ඇත්තේ මෙම දැන්වීමේ ඇති සංවේදී ස්වභාවය හා දරාගත නොහැකි ඡුායාරූපය නිසා එම තීරණය ගත් බවයි.
  • මේ අතර කෙසේ හෝ නිව්යෝක් නගරයේම තම දැන්වීම ප‍්‍රද්ර්ශනය කිරීමට උත්සහය අත්නොහරින බව ස්නෝර්ස්ටොප් සමාගම පවසා ඇත.

No comments:

Post a Comment