මහර බන්ධනාගාරයේ සිරකරුවන් තුන්දෙනෙකු පලාගොස් තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්රරත්න පල්ලේගම මහතා සඳහන් කළේ, අධික වර්ෂාවත් සමග ඊයේ පස්වරුවේ ඔවුන් බන්ධනාගාරයන් පලාගොස් ඇති බව ය.
ඔවුන් අවුරුදු 20, 9, සහ 7 බැගින් සිර දඬුවම් විඳිමින් සිටි පුද්ගලයින් බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ප්රකාශ කළේය.
පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බව ද ඔහු පැවසීය
No comments:
Post a Comment