Tuesday 26 November 2013

"තවත් අවුරුදු 20-30ක් උනත් හිරේ යන්න සුදානම්" - ෆොන්සේකා

  • ජනතාව වෙනුවෙන් තවත් වසර 20-30ක් වුණත් හිරේ යන්න තමන් සූදානම් යැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.
  • ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ දොඩන්ගොඩ තුඩුගල මංසන්ධියේ පැවති ජන හමුවක් අමතමිනි.
  • ෆොන්සේකා මහතා එහිදී මෙසේද කීය.
  • ‘රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම්, කතා කිරීමේ නිදහස, අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස මිනිසුන්ට අහිමි වෙලා. මේ තත්ත්වයෙන් ජනතාව මුදවා ගන්නයි අපි මේ දේශපාලන බලවේගය ගොඩ නැගුවේ. මේ සදහා අපි විශාල කැපවීමක් කරලා තියනවා. ප‍්‍රබල යැයි කියා ගන්නා දේශපාලන නායකයන් දේශපාලන පක්ෂ මේ රටට කරපු දෙයක් නැහැ.
  • ප‍්‍රබලයි කියා ගන්නා දේශපාලන නායකයෝ ප‍්‍රබල පක්ෂ සමග එකතු වෙලා දේශපාලනය කළොත් අපිටත් වෙන්නේ ජනතාව රවට්ටන්න. ජනතාවට බොරු කියන්න. බඩගෝස්තරාදී දේශපාලනය අපට පුරුදු නැති නිසයි අලූත් දේශපාලන පක්ෂයක් ලකුණක් සමග මේ ගමන යන්නට එකතු වුණේ. මොන බාධක බලවේග ආවත් මේ ගමන අපි නතර කරන්නේ නෑ.
  • තව අවුරුදු 20-30ක් වුණත් සිර ගෙවල් වල ලගින්න අපි ලෑස්තියි.මට විරුද්ධව බොරු චෝදනා කළා. මගේ දරුවන්ගෙන් පවා පළිගත්තා.මගේ වැඩිමල් දියණියට ඇගේ ස්වාමියාව වසර 4ක් දකින්න නැහැ’

No comments:

Post a Comment