Wednesday 20 November 2013

2014 අයවැය දී ත් ඉන්ධන සහනාධාරය අහෝසියි...

2014දී ඉන්ධන සහනාධාරය අහෝසියි ඉන්ධන සහනාධාරය ධීවරයන්ට අහිමි කර මාස 06ක් සම්පූර්ණ වී තිබෙන බවත්, එළඹෙන අයවැයෙන් ඉන්ධන සහනාධාරය සම්පූර්ණයෙන්ම අහෝසි කර දැමීමට ආණ්ඩුව සූදානම් වන බවත් සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක හා හිටපු දකුණු පළාත් සභා මන්තී‍්‍ර රත්න ගමගේ මහතා සඳහන් කරයි. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ "2014 අයවැය යෝජනා සඳහා මෙරට ධීවර කර්මාන්තය නගා සිටුවන්න යෝජනා 06ක් ඉදිරිපත් කළා. එහිදී එළඹෙන අයවැයෙන් ඉන්ධන සහනාධාර අඛණ්ඩව ලබාදෙන ලෙස සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය රජයට යෝජනා කළා. නමුත් එය සම්පූර්ණයෙන්ම අහෝසි කර දැමීමේ වැඩපිළවෙළට ආණ්ඩුව අතගසා තිබෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ රට පුරා ධීවර යාත‍්‍රා විසිහය දහසකට පමණ ඉන්ධන සහනාධාර නොලැබී යාම නිසා ධීවර කාර්මිකයා හා ධීවර කර්මාන්තය මේ වනවිටත් බරපතළ අවදානමකට මුහුණ දීලා තියෙනවා. මේ තත්ත්වය තුළ මෙරට ධීවරයන් හා ධීවර කර්මාන්තය ඛේදනීය තත්ත්වයකට පත්වෙන බැවින් සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය විදියට අපි ආණ්ඩුවට අවධාරණය කර සිටින්නේ තෙල් මිල පහත නොහෙලන තත්ත්වයක් තුළ ඉන්ධන සහනාධාර අඛණ්ඩව ලබාදෙන ලෙසයි." යනුවෙනි.

No comments:

Post a Comment