Monday 25 November 2013

මම තාමත් විසේකාරයි --උදාරි

උදාරි ලංකාවට ඇවිත් හැබැයි ආරංචියේ හැටියට ආයෙත් යන්න බලාගෙන නෙමෙයි ඇවිත් තියෙන්නේ. පුදුමේ කියන්නේ සැමියව සිංගප්පුරුවේ තියලා තමයි ඇවිත් තියෙන්නේ. හැබැයි උදාරිගේ දාංගලේ නම් තාම අඩුවක් නෑ. ඇය එදාටත් වඩා අද ජනප‍්‍රියයි. දැන් ඇය පුංචි පැට්ක්කියකගේ අම්මා කෙනෙක්. ඉතින් ටිකක් වෙනදාට වඩා ඇයට වගකීම් වැඩි වෙලා.
අපි උදාරිගේ ජීවිතේ රසවත් තොරතුරු ටිකක් ඇයගෙන්ම අහලා දැනගමු.
ඉතින් උදාරි කවදද ලංකාවට ආවේ ? තනියම ද ආවේ ?
දැන් ටික දවසක් වෙනවා. සැමියාව සිංගප්පුරුවේ තියලා ආවේ. එයාට නිවාඩු නෑ. මේ පාර ලංකාවට ආවේ දිගටම නවතින්න බලාගෙන.
ක්ෂේත‍්‍රයෙන් ඈත්වෙලා අවුරුදු දෙකක් විතර වෙනවා නේද ?
ඔව්. ආපහු මගේ රංගන කටයුතු පටන්ගන්න  ඕන.
ආ එ් කියන්නේ දැන්මම ආරාධනා ලැබිලා එහෙනම් ?
ඔව්. මම මේ ක්ෂේත‍්‍රයෙන් සමුගෙන හිටපු කාලයෙත් මට ආරාධනා ලැබුණා. දැන් එ් වගේ දහගුණයකින් නිර්මාණවලට ආරාධනා ලැබෙනවා.
උදාරිගේ සැමියාගෙන් ලැබෙන සහයෝගය කොහොමද ?
ඇත්තටම වචනයෙන් කියා නිම කරන්න බැහැ.
දැන් අම්මා කෙනෙක් වෙලත් ඔය තරම් හැඩට ලස්සනට සිරුර තියාගන්නේ කොහොමද ?
පෝෂදායී ආහාර අරගෙන හොඳට ව්‍යායාම් කරනවා. 
ආපහු ඔබට පෙම්වතියගේ චරිත ලැබුණොත්  ‘‘ සංසලා ’’ වගේ වෙන්න පු`එවන්ද ?
ඔව්. මට දැන් ලැබිලා තියෙන්නෙත් පෙම්වතියගේ චරිත තමයි.
එ්ත් ඔයා දැන් අම්මා කෙනෙක් නේ ?
මම එ් අභියෝගය ජයගෙන තියෙනවා. මොකද දැන් අම්මා කෙනෙකුට තියෙන සිරුරක් නෙමෙයි මට තියෙන්නේ.
ඇත්තටම අම්මා කෙනෙක් වෙලත් කෙල්ල කාලේ ඇඳපු ඇඳුම් නේද තාමත් අඳින්නේ ?
මගේ වයසේ හැටියට විලාසිතා කියන දේ හුඟක් අනුගමනය කරනවා. අම්මා කෙනෙක් වුණා කියලා රෙද්ද හැට්ටය, චිත්තය ඇඳගෙන ඉන්න වුවමනාවක් නැහැ.
උදාරි තාමත් පුංචි කෙල්ලෙක් වගේ. දැඟලිල්ල අඩුවක් නම් වෙලා නැහැ නේ ?
අම්මා කෙනෙක් වුණා කියලා  මගේ විසේකාරකම් වලයි දැඟිල්ලේ අඩුවක් නෑ
සැමියා මොකද ඔබේ විසේකාරකම් ගැන කියන්නේ
?ඔහු කැමැති  නැහැ මං තැන්පත්වෙලා ඉන්නවට. දඟකාර උදාරිට තමයි මගේ සැමියා කැමැති.
ඔබ දැන් අම්මා කෙනෙක් නිසා කටකතා වලින් පරිස්සම් විය යුතුයි නේද ?
මේ ක්ෂේත‍්‍රයේ දී කටකතා බලාපොරොත්තු විය යුතු දෙයක්. එ් කියන හැමදෙයක්ම ඇත්ත නෙමෙයිනේ. එ්ත් මම හිතන්නේ නම් සියයට අනුනමයකටම කටකතා කියන දේවල් හැදනෙවා.
ජීවිතයේ ඉස්සර තිබුණු සැහැල්ලූව තාමත් තියෙනවද?
ඔව්. එ් වුණාට වගකීම් වැඩි දැන්.
අම්මා කෙනෙක් වුණ හින්දා උදාරිට පේ‍්‍රක්ෂකයන්ගේ ආදරය අඩුවක් වෙලාද?
අපෝ නැහැ. එ් ආදරය, ජනප‍්‍රියත්වය අදටත් එදාට වඩා තියෙනවා. මව් පදවිය ගොඩක් වටින උතුම් දෙයක්. මම හිතන්නේ මගේ රසික රසිකාවියෝ අද මට එදාටත් වඩා ගොඩක් ආදරය කරනවා කියලා.
ඉතින් උදාරි කොහොමද සිංගප්පුරුවේ ගෙවුණු ජීවිතය ?
හරිම සුන්දරයි. මගේ පවුල තරම් මට වටිනා කියන දෙයක් තවත් නැහැ. මම සමුඅරගෙන මෙහෙම ලංකාවට ආපු එක දුකක්. සැමියා මාසයකට වරක් මාව බලන්න ලංකාවට එනවා. ඉස්සරත් එහෙමනෙ. ඔහු ඇත්තටම පටු රාමුවෙන් මිදිලා ඉන්නේ. පුදුම විදිහට මාව තේරුම් අරන් ඉන්නේ.

භාග්‍යා සඳමාලි.

No comments:

Post a Comment