Wednesday 20 November 2013

ජාතික ආරාක්ෂවට තර්ජනයක වන මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කල බෝඩ් එකේ පමණක් නම් ඇ ති පක්ෂය

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේදී පොදු රාජ්‍ය මණ්ඩලයට අදාළ මානව හිමිකම් ප‍්‍රඥප්ති කියවා සතියක් ගත වීමටත් පෙරනින්දවූර්වලදී සිය සැබෑ මුහුණ පෙන්වා ඇතැයි 'පෙරටුගාමී සමාජවාදී පක්ෂය' පවසයි.
නින්දවූර් ජනතාවට එල්ල කළ ප‍්‍රහාරය හෙළා දකිමින් එම පක්ෂය නිකුත්කළ නිවේදනයක එබව සඳහන්වේ.
නින්දවූර්හි සිදු වූ සිදුවීම්  තම සංවිධානය  දකින්නේ උතුර හා නැගෙනහිර පළාත්වල සිදු කෙරෙන මිලිටරිකරණයේ හා ආරක්ෂක හමුදාවන් සාමාන්‍ය ජනජීවිතයට අත පෙවීමේ ක‍්‍රියාදාමයේ ප‍්‍රතිඵලයක් ලෙසින් බවද එම නිවේදනයේ දැක්වේ.
'' නින්දවූර් සිදුවීමට අදාළව සියලූ දෙනා සමාජයට හුරු කරවන්නේ ජාතිවාදී දෘෂ්ටිකෝණයකින් ඒ දෙස බැලීමටය. ඒ සිදුවීම දෙස සිංහල ඇසින්, දෙමළ ඇසින් හෝ මුස්ලිම් ඇසින් නොබලන ලෙසත් ලංකාවේ පීඩිත ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ගේ ඇසින් බලන ලෙසත් අපි ජනතාවගෙන් ඉල්ලා සිටිමු. '' යයි ද පෙරටුගාමී පක්ෂය පවසයි.
එම පක්ෂය නිකුත්කළ නිවේදනය පහත පළවේ.
ඊයේ (19 ) අක්කෙරෙපත්තුව, නින්දවූර්හි ජනතාව සිදු කළ උද්ඝෝෂණයකට පොලිස් ප‍්‍රහාරයක් එල්ල වී ඇති අතර 21 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
නින්දවූර් ජනතාවට සිය උද්ඝෝෂණය කළේ දිගු කාලයක් පුරා පවතින මංකොල්ලකෑම් හා සොරකම්වලට එරෙහිව ආරක්ෂාව සැපයීමට රජය අසමත් වීමත්, සැබවින්ම එම සිදුවීම් සඳහා ආරක්ෂක අංශ හවුල් වී ඇතැයි යන විශ්වාසයත් පදනම් කර ගනිමිනි.
ප‍්‍රදේශයේ මංකොල්ලකෑම් සිදු කරන්නේ ආරක්ෂක අංශ විසින් බවට පැහැදිලි සාක්ෂි ඇතැයි ප‍්‍රදේශවාසීහු පවසති.ඒ පිළිබඳ කිසිදු සාධාරණ පියවරක් ගැනීමට රජය අසමත් වී ඇත.
මේවා සිදු කරන්නේ ආරක්ෂක අංශ විසින් නොවේ නම් ඊට වගකිව යුත්තන් සොයා ගැනීමද ආණ්ඩුවේ වගකීමයි.
නමුත් සිදු වන්නේ හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් පමණක් බව නින්දවූර් ජනතාව පවසති.
අවසානයේදී ප‍්‍රදේශවාසීන්ට දින ගණනක් මහ පාරේ රැඳී සිටිමින් උද්ඝෝෂණය කිරීමට සිදු වූ අතර එම උද්ඝෝෂණයට ම්ලේච්ඡු ප‍්‍රහාරයක් එල්ල කොට තිබේ.
මෙම ප‍්‍රහාරය අපි දැඩි පිළිකුළෙන් හෙළා දකින අතර පලි ගැනීම් නතර කරන ලෙසත් අත්අඩංගුවට ගත් අය වහා නිදහස් කරන ලෙසත් නින්දවූර් ප‍්‍රදේශවාසීන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් පාලකයින්ට බල කර සිටිමු.
නින්දවූර්හි සිදු වූ සිදුවීම් අප දකින්නේ උතුර හා නැගෙනහිර පළාත්වල සිදු කෙරෙන මිලිටරිකරණයේ හා ආරක්ෂක හමුදාවන් සාමාන්‍ය ජනජීවිතයට අත පෙවීමේ ක‍්‍රියාදාමයේ ප‍්‍රතිඵලයක් ලෙසිනි.
එයට විරුද්ධවීම සඳහා ජනතාවට අයිතියක් තිබෙන බවද එය අනුල්ලංඝනීය අයිතියක් බවද පිළිගන්නා අපි එම අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිමු.
පසුගිය අයවැයෙන් වැඩිම මුදල ආරක්ෂාව සඳහා යැයි වෙන් කළ ආණ්ඩුව ආරක්ෂාව දෙන්නේ කාටදැයි සාමාන්‍ය ජනතාවට දැන් පැහැදිලි වී ඇතැයි අපි සිතමු.
දකුණේ වැලිවේරියේ ජනතාවගේ ජීවිතවලට ආරක්ෂාව දීමට හෝ නැගෙනහිර නින්දවූර් ජනතාවගේ දේපළවලට ආරක්ෂාව දීමට හෝ උතුරේත් දකුණේත් නැගෙනහිරත් බටහිරත් පීඩිත ජනතාවට ආරක්ෂාව දීමට එම මුදල් වැය නොකෙරේ.
ආරක්ෂාවේ නමින් එම අරමුදල් වැය කෙරෙනුයේ පාලකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම පීඩිත ජනයා මර්දනය කිරීමට කඳුළු ගෑස් වෙඩි උණ්ඩ හා බැටන් පොලූ වෙනුවෙනි.
ආණ්ඩුව පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේදී පොදු රාජ්‍ය මණ්ඩලයට අදාළ මානව හිමිකම් ප‍්‍රඥප්ති කියවා සතියක් ගත වීමටත් පෙර නින්දවූර්වලදී සිය සැබෑ මුහුණ පෙන්වා ඇත.
පොදු රාජ්‍ය මණ්ඩලීය රූම්පෙත්තෙන් වසා තිබූ ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සැබෑ වේශය වටහා ගැනීමට මෙම සිදුවීම පමණක් වුව ප‍්‍රමාණවත්ය.
නින්දවූර් සිදුවීමට අදාළව සියලූ දෙනා සමාජයට හුරු කරවන්නේ ජාතිවාදී දෘෂ්ටිකෝණයකින් ඒ දෙස බැලීමටය. ඒ සිදුවීම දෙස සිංහල ඇසින්, දෙ

No comments:

Post a Comment