Tuesday 19 November 2013

නින්දවූර් මුස්ලිම් වැසියෝ වැරදියි---මොහොමඞ් මුසම්මිල්(ජා.නි.පෙ)

නින්දවූර්හිදී ආරක්‍ෂක අංශවලට පහර දීම පිටුපස හකීම්


නින්දවූර් ප‍්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායට එරෙහි විරෝධතා පිටුපස ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ඇත්තේ යයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක කොළඹ නාගරික මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් පවසයි.
කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඒම හතා කියා සිටියේ උතුරේ දෙමළ සන්ධානය මැදිහත්වී එහි වැසියන් ආරක්‍ෂක අංශ හා ගැටුම් ඇති කරන්නා සේම නැගෙනහිර පළාතේ ඊට සමගාමීව මුස්ලිම් කොංග‍්‍රසය විසින් මුස්ලිම් වැසියන් ආරක්‍ෂක අංශ හා ගැටුමට පොළඹවමින් සිටින බවයි.
ඔහු මෙසේද කීය.
‘දෙමළ ජාතික සන්ධානය සැමවිටම උත්සාහ ගන්නේ දෙමළ ජනතාවත් හමුදාවත් අතර ගැටුම් ඇති කරවන්නයි. දෙමළ ජාතික සන්ධානය හා එක්ව උතුර – නැගනහිර ඒකාබද්ධ කිරීමට හොර ගිවිසුම් ගහපු මුස්ලිම් කොංග‍්‍රස් නායකත්වය අද නැගනහිර මුස්ලිම් ජනතාව හා ආරක්‍ෂක අංශ අතර ගැටුම් ඇති කරවන්න කටයුතු කරනවා. එහි ප‍්‍රතිඵලයක් ලෙස තමයි නින්දවූර් ප‍්‍රදේශයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය හඳුනාගත හැක්කේ.
නින්දවූර් ප‍්‍රාදේශීය සභාවේ බලය ඇත්තේ මුස්ලිම් කොංග‍්‍රසයටයි. පොලිස් විශේෂ බලකා භට පිරිස් සමග ජනතාව ගැටුමට යවා මුස්ලිම් කොංග‍්‍රස් නායක රාවුෆ් හකීම් මහතා දේශපාලන වාසි ලබා ගැනීමට හදන බවයි පෙනෙන්නේ. මේ තත්ත්වය නිවැරදිව වටහා ගන්න ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා’

No comments:

Post a Comment