Wednesday 20 November 2013

පොලිස් කොස්තාපල්වරයාගේ සහ බිරියගේ ඝාතනවල ප්‍රධාන සැකකරුට ආරාක්ෂාව ලබාදෙන අලුත් නියෝජ්‍ය ඇ මැති කවුද?

කුඩු සටනට බිලි වූ කඹුරුපිටිය පොලිස් කොස්තාපල්වරයාගේ සහ ඔහුගේ බිරියගේ ඝාතනවල ප්‍රධාන සැකකරු බව කියන 'කැටයම් චින්තක' සොයා පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම් අටකින් සැදුම්ලත් සෙබළුන් 300ක් මේ වන විට අක්කර 700කින් යුත් කඹුරුපිටිය මාස්මුල්ල හා ගල්කන්ද වත්ත කැලෑ ප්‍රදේශ දෙකක් පීරමින් මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබේ. සැකකරු දකුණු පළාතේ අලුත පත්වූ නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ උදවුකරුවකු බව පැවැසේ.

කළු කොඩි ඔසවා සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් ගම් වැසියන් මේ අමානුෂික ඝාතනයට විරුද්ධව මේ වන විට විරෝධතා පළකර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේ පොලිස්පතිවරයා විසින් එම පොලිස් කණ්ඩායම් මෙහෙයවීමේ කටයුතු මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සී.ඩී. වික්‍රමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය පොලිස්පති මැකාර්ති පෙරේරා මහතාට පවරා ඇති බවයි.
සැකකරුවන් සැඟවී ඇතැයි කියන එම කැලෑ ප්‍රදේශ දෙක 19දා අලුයම සිට වටලා ඇති බවද පොලිසිය පැවැසීය.

එම ඝාතනවලට පැමිණි සැකකරුවකු මිලිමීටර් නවයේ පිස්තෝලයකින් එක් වෙඩි පහරක් ඔහුගේ හිස පිටුපසින් තබා ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
ඒ බව එම ස්ථානයේ වැටී තිබූ හිස් පතොරොමකින්ද තහවුරු වී ඇති බව පොලිසිය පැවැසීය.

එම ද්විත්ව ඝාතන සිදුකර පලාගිය ත්‍රිරෝද රථය පිළිබඳ මේ වන විට පොලිසියට තොරතුරු ලැබී තිබේ. අවසන් කටයුතු සිදුකිරීමට නියමිත 20දා දින එම මෘත ශරීර දෙක ගම් මැද්දට රැගෙනවිත් ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට බල කෙරෙන විරෝධතාවකටද ගම් වැසියන්ගේ සූදානමක් පවතින බවද වාර්තා වෙයි.

කඹුරුපිටිය ද්විත්ව ඝාතන සිද්ධියට අදාළ සැකකරුවන් සොයා සිදු කෙරෙන කැලෑ මෙහෙයුම සඳහා පොලිසියට අමතරව තංගල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක්ද කැඳවා ඇති බව මාතර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති මැකාර්ති පෙරේරා මහතා පැවැසීය. 

No comments:

Post a Comment