Saturday 23 November 2013

දුමින්දගෙන් පලිගන්න චන්ද්‍රසේනට කැබිනට් ඇමැති කමක්...............

උතුරුමැද ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් මහතා‍ගේ සොහොයුරු එස්. එම්. චන්ද්‍රසේන මහතා විශේෂ ව්‍යාපෘති ඇමතිවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
ජනාධිපතිවරයා අද (23) අනුරාධපුර තලාව ජය ගඟ විහාරස්ථානයේ පැවති සංඟාවාසයක් විවෘත කිරීමේ උත්සයට සහභාගී වූ අවස්ථාවේදී චන්ද්‍රසේන මහතා මෙසේ දිවුරුම්දීම දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
චන්ද්‍රසේන මහතා මෙසේ දිවුරුම්දීමට පෙර ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර ඊට පෙර ඔහු කටයුතු කරමින් සිටි ඇමති ධූරයෙන් ඉල්ලා අස්වූයේ තම සහෝදරයා ප්‍රධාන ඇමති ධූරයක් දරද්ධී තමන් කැබිනට් ඇමති ධූරයක් දැරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ බව පවසමිණි.
මාවිල්ආරු ගොවීන්ගේ වන්දි මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද චන්ද්‍රසේන මහතාට එරෙහිව චෝදනා ගොනු වී තිබේ.
කෙසේ නමුත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ ඉදිරි දින දෙක තුන ඇතුළත කැබිනට් මණ්ඩලයේ ඇතැම් ඇමති ධූරවල තවත් වෙනස් කම් කිහිපයක් සිදුවීමට නියමිත බවයි.

No comments:

Post a Comment