Saturday 23 November 2013

මිනිස් ඝාතනයට හා ස්ත්‍රී දුෂණයට සම්බන්ධ තංගල්ල ප්‍ර.සභාපතිට ඇප ලැබෙයි...

බි‍්‍රතාන්‍ය ජාතිකයෙකු ඝාතනය කොට ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකොට සිටි තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු 6 දෙනෙකු දැඩි කොන්දේසි සහිතව ඇපමත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. තංගල්ල හෝටලයක දී මෙලෙස ඝාතනයට ලක් වුනේ ශී‍්‍ර ලංකාවේ සංචාරයකට පැමිණ සිටි කුරාම් ශෙයික් නම් බි‍්‍රතාන්‍ය ජාතික තරුණයෙක්. අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනි වික‍්‍රමසිංහ මහත්මිය නියෝග කළේ එක් අයෙකුට රුපියල් 50,000 බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂ පහ බැගින් වන ශරීර ඇප 3 ක් යටතේ මුදාහරින ලෙසයි. සැකකරුවන් සෑම මසකම අවසන් ඉරුදින කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළ අධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් බලපත‍්‍ර තම භාරයට ගැනීමට ද කටයුතු කළා. සාක්‍ෂිකරුවන්ට බලපෑම් නොකළ යුතු බවට අවධාරනය කළ අධිකරණය වැඩිදුරටත් සඳහන් කළේ එක් ඇප කොන්දේසියක් හෝ උල්ලංගනය කළ හොත් නඩුව අවසන් වන තුරු ඔවුන් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

No comments:

Post a Comment