Saturday 23 November 2013

විමල්ගේ තලංගම O.I.C මස්සිනා, පගා ගසා මට්ටු වෙයි

පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු පොලිස් පරීක්ෂක රොහාන් තුසිත කුමාරසිංහ මහතාගේ ඝාතන පරීක්ෂණ යටපත් කිරීම සඳහා කෝටිපති කාන්තාවකගෙන් කප්පම් ලබාගත් තලංගම පොලිස් ස්ථානාධිපතිවරයා, අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳගේ සමීප  ඥාතියකු  බවත්, ඔහු තලංගම ස්ථානාධිපතිවරයා ලෙස පත්කර ගැනීම  සඳහා වීරවංශ ඇමතිවරයා දැඩි වෙසක් ගෙන කටයුතු කර ඇති බවත් වාර්තාවේ.
ස්ථානාධිපතිවරයාගේ නිල කාමරයේ වීරවංශ ඇමතිවරයාගේ ඡායාරූපයක් එල්ලා ඇති බවත් වාර්තාවේ.
මෙම පොලිස් ස්ථානාධිපතිවරයා කඩුවෙල ආසනයේ ශ්‍රීලනිප සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ඉල්ලීම් පවා නොසලකා හරිමින්, විමල් විරවංශ අමාත්‍යවරයා වෙනුවෙන් පෙනිසිට ඇත.
මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමේ අවස්ථාව වාර්තා කිරීම සඳහා ඊයේ (22) එහි ගිය ගිය මාධ්‍යවේදීන්ට පොලිස් ස්ථානාධිපතිවරයා‍ගේ හිතවත්තු බාධා කර ඇත.
එසේ බාධා කළ පිරිස අතර විමල් වීරවංශ ඇමතිවරයාගේ ආරක්ෂයෙකුත් තවත් ඔහුගේ ආධාරකරුවන් කිහිපදෙනෙකුත් සිටි බව වාර්තාවේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු ‍පොලිස් පරීක්ෂක තුසිත කුමාරසිරි ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෝටිපති ව්‍යාපාරික හිමාලි කරුණාරත්න මහත්මිය ඊයේ (22) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නැවත බන්ධනාගාරගත කිරීම සඳහා රැගෙන ගිය අයුරු ඡායාරූපයේ දැක්වේ. (ඡායාරූපය : රිවිර)

No comments:

Post a Comment