Wednesday 20 November 2013

එක කන්දයි, රටවල් තුනයි..

ඔබට රටවල් තුනක් මත තනි කකුලෙන් සිටගෙන සිටිය හැකිද? Mount Roraima කඳුවැටිය ඉතාමත් සුන්දර දියඇලි වලින් වටවූ ලොව ඇති සුන්දරම ස්ථානයක්. වලාකුළු වලින් වටවූ විට මෙය දිස්වන්නේ සුරඟන ලොවෙන් මතුවූ භූමියක් ලෙසයි. වෙනිසියුලාව, බ්‍රසීලය හා ගයනාව යන රටවල් තුනෙහි දේශ සීමා හමුවන්නේ මෙම කන්ද මුදුනේදීයි. එනම් මෙම කඳු වැටිය රටවල් තුනටම අයත්. කඳුවැටියේ මුදුනේ කාලය ගතකරන කෙනෙකුට රටවල් තුනක් මත එකවර හිදගෙන සිටිය හැකියි. නැනිනම් රටවල් තුනක සිට මුහුණට මුහුණලා සාකච්ඡා කල හැකියි. මෙම කඳුවැටිය බිහි වී ඇත්තේ මීට වසර බිලියන 2 කට පමණ ඉහතදීයි. මෙය පෘතුවියේ පැරණිතම ස්වභාවික පිහිටීම් වලින් එකක්.

No comments:

Post a Comment