Saturday, 23 November 2013

එක් කළෙක යුද්ධය දිනා දුන් නායකයෙකු සිරගත කිරීම සම්බන්ධ නීති ප‍්‍රවේශය සලකා බැලීම් වස් එකල්හි ජීවත් වූ අගවිනිසුරුවෙකු විසින් සටහන් තබා තිබූ දේ අනාගත පර


නිදහස, ආරක්‍ෂාව ගමන් බිමන් යාමේ අවකාශය සියළු සත්වයන්ට ස්වභාවයෙන්ම උරුම වූවකි. මානව කි‍්‍රයාකාරිත්වය පාලනය කිරිමේ පිළිවෙතක් ලෙස වර්ධනය වු නීතිය මඟින් එහි මුල් කාලයේ සිටම පදනම€ වූ් කාරණයක් වූයේ ඇතැම් අයිතීන් ස්වභාවයෙන්ම මානව පවුලේ සියළුම සමාජිකයින්ට හිමිවන බවයි. මානව හිමිකම් යනුවෙන් හැඳින්වෙන මෙම අයිතිවාසිකම් පද්ධතියෙහි සම්භවය, ස්වභාවික නීතියයි.

දෙවන ලෝක යුද්ධයේ මහා විනාශයෙන් පසුව බිහිවු ප‍්‍රධාන ජාත්‍යන්තර සංවිධානය වන එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය පළමු නිල කටයුත්ත ලෙස කළේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය 1948 දෙසැම්බර් මාසයේ සම්මත කොට ප‍්‍රකාශයට පත් කිරිමයි. එම ප‍්‍රකාශනයේ හැදීන්වීමේ විශේෂයෙන්ම සඳහන් වන්නේ මානව පවුලේ සියළු සමාජිකයන්ට උරුම වූ ගෞරවය සහ සමාන මෙන්ම අහිමි කළ නොහැකි අයිතීන් ලෝක සාමයේ නිදහසේ සහ යුක්තියේ පදනම වනබවයි.

එම හැඳින්වීමෙහි වැඩි දුරටත් සඳහන් වන්නේ මනුෂ්‍යත්වයේ හෘද සාක්‍ෂිය ප‍්‍රකෝප කළ ම්ලේච්ඡු ක‍්‍රියාවන්ට හේතුව මානව හිමිකම් නොතැකීම සහ එයට නිගා කිරිමබවයිිග එමගින් ව්‍යංගයෙන් ප‍්‍රකාශ වුයේ යුද්ධයට හේතුවු මර්දනකාරි ෆැසිස්ට් පාලනයන් යන්නයිග එමෙන්මල දුෂ්ඨ භාවයට හා මර්දනයට එරෙහිව කැරලි ගැසීමේ අවසන් ක‍්‍රියා මාර්ගයට අවතීර්ණ වීමට මිනිසාට ඉඩ නොතැබීම සඳහා නීතියේ පාලනය මඟින් මානව හිමිකම් ආරක්‍ෂා කිරිම අත්‍යවශ්‍යබවදල එහි සඳහන්ය.

ජීවත්වීමටල නිදහසට හා පෞද්ගලික ආරක්‍ෂාවට අයිතිය සියළු දෙනා සතු බවට මානව හිමිකම් විශ්ව ප‍්‍රකාශනයේ 3 වගන්තියෙන් කියවෙන අතර එහි 9 වගන්තියෙන් කියවෙන්නේ කිසිවෙකු හේතු රහිතව අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම සිදු නොවීය යුතු බවයි.

විශ්ව ප‍්‍රකාශනයේදී පුළුල් අර්ථයෙන් සඳහන් කොට ඇති මානව හිමිකම් නිතිමය වශයෙන් අර්ථ නිරූපනය කිරිම 1966 දෙසැම්බර් මාසයේ එක්සත් ජාතීන් සම්මත කළ ප‍්‍රඥප්ති දෙකක් මගින් සිදුකරනු ලැබීය. විශ්ව ප‍්‍රකාශනයේ මුල් පාර්ශවකාර රාජ්‍යයක් වු ශ‍්‍රී ලංකාව 1980 දී ඉහත කී ප‍්‍රඥප්ති දෙක පිළිගත්තේය. මෙම ලිපියෙහි සකච්ඡුාවට ගැනෙන ප‍්‍රශන සම්බන්ධයෙන් අදාල වන්නේ සිවිල් දේශපාලන අයිතීන් පිලිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥ්පතියයි (ෂක්‍ක්‍ඡුඍ*.

සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥ්පතියේ 9 වගන්තියේ මෙසේ සඳහන් වේ.

01. නිදහස සහ පෞද්ගලික ආරක්‍ෂාව සඳහා අයිතිය සෑම කෙනෙකුම සතු වන අතර නීතිය මඟින් නියම කර ඇති හේතු සහ කාර්ය පටිපාටියට අනුකූලව මිස කිසිවකු
අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම හෝ නිදහස අහිමි කිරිමට ලක් කිරිම නොකළ යුත්තේය.

02. අත්අඩංගුවට ගන්නා ඕනෑම කෙනෙකුට ඔහු අත්අඩංගුවට ගැනීමේ හේතුව එම අවස්ථාවේම දැනුම් දිය යුතු අතර ඔහුට විරුද්ධව ඇති චෝදනා ද දැනුම් දිය යුතුයි. එමෙන්ම එම තැනැත්තා නිදහස් කළ යුතුද, දිගටම රදවා ගත යුතු ද යන ප‍්‍රශ්නය ගැන තීන්දුවක් ගත හැකි විනිශ්චයකාර වරයකු හෝ අධිකරණ බලය ක‍්‍රියාත්මක කිරිමට නීතියෙන් බලය ලබා දී ඇති නිළධාරියකු වෙත හෝ නොපමාව ඉදිරිපත් කළ යුතුය.

පුද්ගලික නිදහස සහ අත්තොනෝමතිකවල නීති විරෝධීවල අත් අඩංගුවට ගැනීමෙන් සුරක්‍ෂණය ස්ථාපනය කරන මෙම මානව හිමිකම් වර්ධනය වූයේ 1215 එංගලන්තයේ මග්නා කාර්ටා ප‍්‍රකාශනය, ප‍්‍රංශ විප්ලවයෙන් පසුව 1792 දී ප‍්‍රංශ ජාතික සභාව සම්මත කළ මිනිසාගේ අයිතීන් පිළිබඳ ප‍්‍රකාශන (7 වන ඡෙදය* සහ ඇමරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පස්වන (1791* සහ දහ හතරවන (1868* සංශෝධන ආදියනි.

අපගේ 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට මානව හිමිකම් විශ්ව ප‍්‍රකාශනයේ සහ සිවිල් සහ දේශපාන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියේ කරුණු ඇතුලත් කොට ඇති අතර එහි 13 වන වගන්තිය මඟින් අත්නෝමතික ලෙස අත්අඩංගුව ගැනීමෙන් හා රඳවා තබා ගැනීමෙන් නිදහස් වීමේ මූලික අයිතිවාසිකම සහතික කොට තිබේ. එමෙන්ම සිවිල් දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය 1980 දී පිළිගත් ශ‍්‍රී ලංකාවට එහි 40 වන වගන්තිය මඟින් පනවා ඇති කොන්දේසි අනුව එම ප‍්‍රඥප්තියෙන් පිළිගෙන ඇති අයිතීන් සහතික කිරිමට ගන්නා පියවර ගැන වාර්තා කිරිමේ වගකීම පැවරෙන බවල මෙහි සටහන් කිරිම අත්‍යවශ්‍යය. එය ශ‍්‍රී ලංකාව විසින් ඉටු නොකළ බවට චොදනා එල්ල වීම නිසා 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරිමෙන් එම ප‍්‍රඥප්තියේ ඇතැම් වගන්ති බලාත්මක බවට පත් කොට තිබේ. ඉන්පසුව ශ‍්‍රී ලංකාව එම ප‍්‍රඥප්තිය ක‍්‍රියාවට නැගීමේ තත්වය පිළිබඳවල ජනාධිපතිවරයාල ශ්‍රෙෂ්ඨාධිකරණයේ මතය විමසූ අතර මගේ සභාපතීත්වයෙන් යුතු විනිශ්චයකාර්‍යවරුන් ලබා දුන් ධනාත්මක මතය 2008 දී යුරෝපා සංගමයට භාර දෙන ලද්දේ ඨගීගඡු ූ සහනය එවිට අත්හිටුවීම නවතා ගැනීම සඳහාය. මෙම ස්ථාවරය දැන් ආපසු හරවා ඇති බව පෙනෙන්නට තිබෙන අතර යුරෝපා සංගමය විසින් ඨගීගඡුූ සහනය අත්හිටුවනු ලැබ ඇත.

අපගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 (ස* සහ (සස* වගන්ති වල ඇතුලත් මූලික අයිතිවාසිකම් මඟින් අත්තනෝමතිකව අත්අඩංගුව ගැනීම හා රඳවා තබා ගැනීම් වලින් නිදහස් වීමේ අයිතිය තහවුරු කර ඇත්තේ මේ අකාරයෙනි.

01. නීතිය මඟින් නියම කරනු ලැබු කාර්ය පටිපාටියට අනුකූලව මිස කිසිවකු අත්අඩංගුවට නොගත යුත්තේය. අත්ඩංගුවට ගන්නා ඕනෑම පුද්ගයෙකුට අත්අඩංගුවට ගැනීමේ හේතුව දැනුම් දිය යුතුය.

02. අත්අඩංගුවට ගැනීමෙන් රඳවා තබා ගැනීමෙන් හෝ වෙනත් අකාරයකින් පෞද්ගලික නිදහස සීමා කිරිමට ලක් කරනු ලැබු සෑම කෙනෙකුම නීතියෙන් නියම කරනු ලැබු කාර්ය පටිපාටිය අනුව ආසන්නතම නිසි අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු වන අතර නීතියෙන් දක්වා ඇති විධිවිධාන අනුව එහි විනිශ්චයකාර වරයා විසින් ලබා දෙන නියෝගයක කොන්දේසි යටතේ මිස දිගටම අත්අඩංගුවේ තබා ගැනීම, රඳවා ගැනීම හෝ පෞද්ගලික නිදහස අහිමි කිරිම හෝ නොකලයුත්තේ .

අපරාධයක් සිදුකල බවට සධාරණ ලෙස සැක කෙරෙන පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම පිළිබඳව අපගේ නීතිය යටතේ පනවා ඇති කාර්ය පටිපාටිය 1979 අංක 15 දරණ අපරාධ විධිවිධාන සංග‍්‍රහ පනතේ සඳහන් වේ. එම පනතේ 109 කොටසේ වගන්ති මඟින් අපරාධ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පෙර අපරාධය ගැන පරීක්‍ෂණය කලයුතු ආකාරය ඉතා පැහැදිලිව සහ ක‍්‍රමානුකුලව සදහන් කොට ඇත. අත්අඩංගුවට ගැනීමක් කල යුතු ආකාරය 32 වගන්තියෙහි ප‍්‍රකාශ කොට ඇති අතර 37 වගන්තියෙන් ප‍්‍රකාශ කොට තිබෙන්නේ අත්අඩංගුවට ගත් තැනැත්තෙකු පැය 24 ක් තුල මහේස්ත‍්‍රාත් වරයෙකු වෙත ඉදිරිපත් කල යුතු බවයි.

ජනාධිපතිවරණය අසාර්ථකව තරඟ කර මැතිවරණ ප‍්‍රතිඵලයේ වලංගු භාවයත්, ඡන්ද ගණන් කල අකාරයත් අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කොට ඇති ජනරාල් සරත් ෆොන්සේකා මැතිවරණයෙන් දින 12 ක් ඇතුලත අරමුණ සහගතව අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සිදු කොට තිබෙන්නේ අපගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 (ස* සහ 13 (2 වගන්ති වලින්දල මානව හිමිකම් විශ්ව ප‍්‍රකාශනයේ සහ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියේ 9 වගන්තියෙහිදල සහතික කොට තිබෙන මූලික අයිතිවාසිකම් පැහැදිලි ලෙසම උල්ලංඝනය වන අකාරයෙනි. මෙම අත්අඩංගුවට ගැනීමේදි සහ දිගටම රඳවා තබා ගැනීමේදි අනුගමනය කල ක‍්‍රියා පටිපාටිය අපරාධ විධිවිධාන සංග‍්‍රහ පනතේ වගන්ති වලට ද පටහැනීය. එම අත්අඩංගුවට ගැනීම සිදු කල තැනැත්තා එසේ කිරිමට බලයලත් අයකු නොවන අතර ජනරාල් වරයා දැන් මාසයකට වැඩි කලක් විනිශ්චයකාරවරයෙකු වෙත හෝ නිසි අධිකරණයක් වෙත ඉදිරිපත් කිරිමෙන් තොරව රඳවා තබා ගෙන සිටින්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 (2 වගන්තියටත් සිවිල් දේශපාලන අයිතීන් පිළිබඳ ප‍්‍රඥප්තියේ 9 (3 වගන්තියටත්ල අපරාධ විධිවිධාන සංග‍්‍රහ පනතේ 37 වගන්තියටත්ල පටහැනි වන අකාරයෙනි.

විශ‍්‍රාමලත් තරු හතරේ ජනරාල් වරයා අත්අඩංගුවට ගත්තේ සහ රඳවා තබාගෙන සිටින්නේ හමුදා පණතේ (625 පරිච්ඡ්දය තිබෙන කොන්දෙසි යටතේ බවට කියති. නිදහස ලබා ගැනීමෙන් ටික කලක් තුලල 1949 හමුදා පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කරන ලද්දේ ලංකාවට යුද හමුදාවක් ගොඩනගා ගැනිම සහ පවත්වාගෙන යාම සඳහාය.

අත්අඩංගුවට ගැනීමක් ගැන හමුදා පණතේ පැහැදිලිව ප‍්‍රකාශ වන්නේ එහි 150 වගන්තියේ පමණක් වන අතර එමගින් අත්අඩංගුවට ගැනීමේ බලය ලබා දීම අදාල වන්නේ හමුදාවෙන් පලා ගිය සහ නිවාඩු නොලබා නොපැමිණ සිටින තැනැත්තන් සඳහාය. පොලිසියේ නිළධාරියෙකුට හෝ පොලිස් නිළධාරියකු නොමැති අවස්ථාවක දී බලය ලත් හමුදා නිලධාරියෙකුට හෝ සෙබළෙකුට පලා ගිය හෝ නිවාඩු නොමැතිව නොපැමිණ සිටින තැනැත්තෙකු අත්අඩංගුවට ගැනීමේ බලය ඇති අතර එවැන්නෙකු වහාම මහේස්ත‍්‍රාත් අධිකරණයක් වෙත ඉදිරිපත් කළ යුත්තේය. එවිට මහේස්ත‍්‍රාත් අධිකරණයේ එය විභාගයට ගැනීම ගැන සහ ඉදිරි නියෝග ලබා දීම ගැන තවත් විධි විධාන එහි ඇතුලත් ය. එබැවින් පලා ගිය අයකු හෝ නිවාඩු නොලබා නොපැමිණ සිටින අයකු සම්බන්ධයෙන් බලපාන සේ නීතියෙන් ලබා දී තිබෙන ආරක්‍ෂණ විධිවිධාන වල පිහිට පවා විශ‍්‍රාම ලත් තරු හතරේ ජනරාල් වරයාට ලැබී නැති බව පැහැදිලිය.

යම් තැනැත්තෙකු හමුදා භාරයට ගැනීමට අදාළ සාමාන්‍ය නීතිමය ප‍්‍රතිපාදනයක් හමුදා පනතේ 35 වන වගන්තියෙහි ඇතුලත් වන අතර හමුදාමය හෝ සිවිල් අපරාධයක් කළ හමුදා නීතියට යටත් පුද්ගලයකු හමුදා අත්අඩංගුවට ගත හැකිබව එහි සදහන් වේ. යම් තැනැත්තෙකු හමුදා නීතියට යටත්ව සිටීමෙන් පසුවද ඔහු හමුදා නීතියට යටත්ව සිටි කාලය තුලදී කළ වැරදි සම්බන්ධයෙන් ක‍්‍රියාකිරිමට හැකි වන පරිදි 35 වන වඟන්තියේ බලපෑම 57 වන කොටස මඟින් පුලූල් කොට තිබේ. එබැවින් ජනරාල් සරත් ෆොන්සෙකා විසින් සිදුකර ඇති වැරදි ඔහුට එරෙහිව නැගි ඇති චෝදනා යනාදිය ගැන කතාකරන්නට පෙර සලකා බැලිය යුතුව තිබෙන්නේ හමුදා පති වශයෙන් සිටියදී හෝ පසුව ආරක්‍ෂක මණ්ඩල ප‍්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියදී ඔහු හමුදා නීතියට යටත් තැනැත්තෙකුද යන්නයි. මෙම ප‍්‍රශ්නය පිළිබඳ තීරණ ගැනීම එතරම්ම අපහසු නොවන්නේ හමුදා පනතේ ඩසස කොටසේ මාතෘකාවම හමුදා නීතියට යටත් තැනැත්තන්යන්න වීම නිසාය. එම කොටසේ ඇතුලත් 34 වගන්තියෙහි සඳහන් පරිදි පනතේ ක‍්‍රියාකාරිත්වය සඳහා හමුදා නීතියට යටත් තැනැත්තන්යනුවෙන් හැඳින්වෙන්නේ පහත සඳහන් වර්ගයකට අයත් තැනැත්තන් ය.

01. ර්‍නිත්‍ය හමුදාවේ සියළුම නිළධාරීන් සහ සෙබළුන්.
02. නිත්‍ය අතිරේක ස්වෙච්ඡුා බලසේනාවේ එබඳු සියලූ නිලධාරීන් සහ සෙබළුන්

නිලධාරියායන වචනය 162 යන වගන්තිය මඟින් අර්ථ දක්වා තිබෙන්නේ හමුදාවේ නිලධාරියකු ලෙස සැලකිය යුත්තේ අධිකාරිය ලත් නිලධාරියකුපමණක් බවය.

පනතේ සස කොටසේ මාතෘකාව නිලධාරින්යන්න වන අතර එහි අඩංගු 9 වගන්තියෙහි නිලධාරීන්ට අධීකාරිය ලබා දීම සඳහන් වීමෙන් ආරම්භ කොට 12 වගන්තියෙන් නිලධාරින්ගේ උසස් වීම් හා ස්ථාන මාරු ගැන සඳහන් කිරිම දක්වා මෙම කොටසේ ඇතුලත් ය.

සසස කොටසේ මාතෘකාව සෙබළුන්වන අතර ඔවුන් බඳවා ගැනීමට අදාල විධිවිධාන එහි ඇතුලත්ය.

යුධ හමුදාපතිවරයා අධිකාරිලත් නිලධාරියකු හෝ බඳවා ගත් සෙබලකු හෝ නොවන බව ඉතාමත් පැහැදිලිය හමුදාපතිවරයා පත්කිරිම ගැන පනතේ ස කොටසේ හමුදාව සංවිධානය කිරිමමාතෘකාව යටතේ සඳහන් වන අතර එම ස කොටසේ 8 වන වගන්තියේ හමුදාපතිවරයා පත්කිරිම ගැන සඳහන් වන්නේ හමුදාපති තනතුර සඳහා හමුදා අණදීමට යෝග්‍ය සහ සුදුසු තැනැත්තෙකුපත්කිරිමේ බලය ජනාධිපතිවරයා සතු වන අතර එලෙස පත්කරන තැනැත්තා හමුදා පති ලෙස හඳුන්වනු ලබන බවයි. ඒ අනුව හමුදාපති තනතුරට පත් වීමට කෙනෙකු අධිකාරිලත් නිලධාරියකු වීම පවා අවශ්‍ය නැත. එමෙන්ම පත්කිරිමෙන් පසුව ඔහු නිලධාරියකු ලෙස පනත හඳුන්වන්නේ නැත කෙසේ වෙතත් විශේෂයෙන් සඳහන් වන්නේ එලෙස පත්වන තැනැත්තා හමුදාපති වශයෙන් හඳුන්වනු ලබන බවයි එබැවින් හමුදාපතිවරයා හමුදා පනත යටතේ හමුදා නීතියට යටත්වන තැනැත්තෙක් නොවේ.

හමුදාමය වැරදි පිලිබඳ පනතේ 2 කොටසේ විස්තර කොට ඇත. එහි අඩංගු 95 වගන්තිය සිට 130 වගන්තිය දක්වා වගන්තිවලින් අර්ථ දක්වා ඇති වැරදි සෑම එක්කම ගැන විශේෂයෙන් සඳහන් වන්නේ එවා හමුදා නීතියට යටත්තැනැත්තන්ට පමණක් බලපාන බවයි. එබැවින් එම වැරදි කිසිවක් හමුදා පතිවරයාට අදාල නොවේ.

හමුදා අධිකරණ වර්ග 3 ක් ගැන පනතේ සඳහන්ය එනම් ප‍්‍රධාන හමුදා අධිකරණ, ක්‍ෂෙත‍්‍ර හමුදා අධිකරණ, සහ දිස්ත‍්‍රික් හමුදා අධිකරණ වශයෙනි. 46 (2* 49 (1* 51 (1* වගන්ති වලින් විශේෂයෙන් සඳහන් වන්නේ මෙම හමුදා අධිකරණමඟන් විභාගයට ගත යුත්තේ හමුදා නීතියට යටත් තැනැත්තන් පිළිබඳනඩු විභාග පමණක් බවයි. එබැවින් කිසිදු වර්ගයක හමුදා අධිකරණයක් ඉදිරියට කිසිදු අකාරයක හමුදාමය වරදක් සම්බන්ධයෙන් හමුදාපති වරයා ඉදිරිපත් කිරිමේ හැකියාවක් නොමැත.

ඕනෑම තැනැත්තෙකු හමුදා අත්අඩංගුව ගැනීම සම්බන්ධයෙන් ඉහත සඳහන් කළ වගන්ති දෙකෙන්, එනම් 35 වගන්තියේ (සේවයේ යෙදි සිටියදී* හා 57 (1* වගන්තියේ (සේවයෙන් ඉවත් වූ පසුව* යන දෙකෙහිම විශේෂයෙන් සඳහන් පරිදි් එය අදාල වන්නේ යම් තැනැත්තෙකු හමුදා නීතියට යටත්වසිටියදි කළ හමුදාමය වරදක් සම්බන්ධයෙන් පමණක් බවයි.

ජනරාල් සරත් ෆොන්සේකා හමුදාපති නිලය දැරිම 2009 ජුලි මාසයේ දී අවසන් වු අතර 2009 අංක 35 දරණ පනත යටතේ ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි තනතුරට පත්කරනු ලැබීය. එම පනතේ 2 (3* වගන්තිය අනුව සඳහන් වන්නේ ඕනෑම හමුදාවක හමුදාපති තරනතුර දරණ තැනැත්තෙක් ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි තනතුරට පත් කරනු ලැබු පසුව ඔහු එම තනතුර දරණතාක් කල් තමන් අයිති නිත්‍ය හමුදාවේ සාමාජිකත්වය දරන බවයි. මෙලෙස දිගටම හමුදා සේවයේ සිටින ලෙස සැලකීමේ වගන්තිය මඟින් එම තැනැත්තා එම කාලය තුල හමුදා පනතට යටත්ය යුද නීතියට යටත්ය යනුවෙන් කිසිවක් ප‍්‍රකාශ කරන්නේ නැත. තමන් තනතුර දරද්දීත් හමුදා නිතීය යටතට නොගැනෙන යුදහමුදා පතිවරයා එම තනතුරෙන් ඉවත් වීමෙන් පසුව එයට යටත් වන බව කිසිදු අකාරයකින් සැලකිය නොහැකිය.

යුදහමුදාපතිවරයා හමුදා නීතියට යටත් නොවන තැනැත්තෙකු වීම සහ එම නිසාම ඔහුව හමුදා පනත යටතේ අත්අඩංගුවට ගැනීම, රදවා තබා ගැනීම හෝ යුද්ධාධිකරණය ඉදිරියට පැමිණවීමල කල නොහැකිය යන්න පණතේ පවතින ක‍්‍රම වේදය සමඟ ගැලපෙන්නකි ඉහතින් සඳහන් කල 35 වගන්තිය හෝ 57 වගන්තිය හෝ අනුව හමුදා නීතියට යටත් තැනැත්තෙකු වරදක් කල විට අත්අඩංගුවට ගැනීම සිදුවිය හැකිය කෙසේවෙතත් එබදු තැනැත්තෙකු අත්අඩංගුවට ගැනීමේ ක‍්‍රියා පටිපාටිය මෙම වගන්ති වල සඳහන් වන්නේ නැත. ඒ සඳහා කි‍්‍රයා පටිපාටිය සඳහන් 36 (1* වගන්තියේ දක්වා තිබෙන්නේ කණිෂ්ඨ නිළධාරියකු අත්අඩංගුවට ගන්නාලෙස නියෝග කිරිමට. ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට බලය ඇති බවයි. ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අත්අඩංගුවට ගැනිමට කණීෂ්ඨ නිලධාරියකුට බලය ලැබෙන එකම අවස්ථාව එම තැනැත්තා කළහකාරීව හැසිරීම, රණ්ඩුවීම හෝ පාලනය කළ නොහැකි වීමයි. හමුදාපති යනු ඉහලම මට්ටමේ නිළධාරියා වන නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝග කළ හැකි. ඊට ඉහළ නිළධාරියකු නොමැත එමෙන්ම හමුදා නීතියට යටත් තැනැත්තකු අත්අඩංගුවට ගත් පසුව ඔහුට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් විභාග කල හැක්කේ හමුදා අධිකරණයක් මගින් කරන විභාගයක් සඳහා පියවර ගත් හැක්කේ
ඔහුට අණ දෙන නිලධාරියාට පමණක් බව 40 වගන්තියේ සඳහන් ය. හමුදා පතිවරයාට අණදෙන වෙනත් නිළධාරියෙකු නැත එබැවින් හමුදාපතිවරයා හමුදා පනත මගින් අර්ථ දක්වා තිබෙන හමුදා නීතියට යටත් තැනැත්තෙකු බවටත් එම නිසා හමුදා නීතිය යටතේ අත්අඩංගුවට ගැනීම රඳවා තබා ගැනීම හා යුද්ධාධිකරණයකට ඉදිරිපත් කොට නඩු වීභාග කල හැකි බවටත්
සැලකීම හමුදා පණතේ ක‍්‍රම වේද සමඟ නොගැලපෙන හා එයට පටහැනි බව පැහැදිලිය. එමෙන්ම හමුදාපති වශයෙන් සේවය කරමින් සිටයදී හමුදා නීතියට යටත් නැති යුද හමුදාපතිවරයා එම තනතුරෙන් ඉවත් වීමෙන් පසුව හමුදා නීතියට යටත් වන්නේය සහ එම නිසා අත්අඩංගුවට ගැනීමට, රදවා තබා ගැනීමට සහ යුද්ධාධිකරණය ඉදිරියේ නඩු විභාගයට ඉදිරිපත් කිරිමට හැකියාවක් ඇත්තේයයි පැවසීම විකාරයක් වන්නේය. ඒ කුමක් වුවත් වර්තමාන යුධහමුදා පතිවරයා ජනරාල්ට වඩා ජ්‍යෙෂ්ඨ නිළධාරියකු නොවන නිසා 36 (1* වගන්තිය යටතේ ජෙනරාල් අත්අඩංගුවට ගැනීමට ඔහුට බලයක් නැතගතවදල වර්තමාන යුද හමුදාපති වරයාල ජනරාල් ගේ
අණදෙන නිළධාරියානොවන නිසා හමුදා පනතේ 40 (1* වගන්තියේ අඩංගු කොන්දෙසි අනුව ජනරාල්ට එරෙහිව චෝදනා විභාග කිරිමට හෝ ඔහු (ජෙනරාල් ව* යුද්ධාධිකරණයක් ඉදිරියේ නඩු වීභාගයකට යොමු කිරිමට පියවර ගැනීමේ බලයල ඔහුට නැති බව පණතේ 40 (1* (ආ* (1* වගන්තිය අනුව පැහැදිලිය.

2009 අංක 35 දරණ ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි පනතේ තත්වයද ඊට වෙනස් නැත. මීට පෙරද සඳහන් කළ පරිදි ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ලෙස කටයුතු කරන කාලයේදී ජනරාල් නිත්‍ය හමුදාවේ සමාජිකයකු ලෙස දිගටම සලකනු ලබන බව පනතේ සඳහන් වුවද හමුදා පනත යටතේ වරලත් නිලධාරියෙක් හෝ හමුදා නිතියට යටත් තැනැත්තෙකුවශයෙන් ඔහුව දිගටම සලකනු ලබන්නේ නැත ඒ කෙසේ වුවදල වර්තමාන යුදහමුදාපතිවරයාල සරත් ෆොන්සේකා ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධාන වශයෙන් කටයුතු කරන කාලයේ දී ඔහුගේ ජ්‍යෙෂ්ඨ නිළධාරියාහෝ අණදෙන නිළධාරියාහෝ වශයෙන් සැලකිය නොහැක්කේ එම පනතේ 2 (4* වගන්තිය අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි තනතුර දරණ විට ඔහු ජෙනරාල්නිලය දැරූ හෙයිනි. හමුදාපති දරන්නේ ඊට පහළ වූ ලූතිනන් ජනරාල් තත්වය ය.


වෙනත් ආකාරයකින් බලන විට 1978 දී වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක වන අවස්ථාව වන විට හමුදා පනත පවතින නීතියක් විය. එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 168 (1* වගන්තිය අනුව දිගටම බල පැවැත්වෙන නිතියක් බවට පත් වීය. කෙසේ වෙතත් එලෙස දිගමට බලාත්මක වීම සිදුවන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නිශ්චිතව සඳහන් වගන්ති වලට යටත්වය. කෙටියෙන් කිව හොත් නීතිය අර්ථ දැක්වීමේ මූලික සිද්ධාන්තයක් වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උත්තරීතර
නීතිය වන අතර එය සාමාන්‍ය නීතියට ඉහළින් බලපැවැත්වීමයි. එම නිසා 13 වන වගන්තියේ සඳහන් මූලික අයිතින් (ඉහත සඳහන් කළ මානව හිමිකම් විශ්ව ප‍්‍රකාශනයට සහ සිවිල් සහ දේශපාලන අයිතින් පිලිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය මත පදනම් වු* අත් අඩංගුවට ගැනීමට, රඳවා තබා ගැනීමට, නඩු වීභාග කිරිම හා දඩුවම් දීම යනාදිය සම්බන්ධයෙන් පනතෙහි විධිවිධානයන්ට
අදාළ නීති හමුදා පනතට වඩා බලවත් වෙයි. මෙම මූලික අයිතීන් හමුදා වල සමාජිකයින් සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වීමේදි සීමා කල හැක්කේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 15 (8* වගන්තියේ සඳහන් වන ආකාරයට පමණකි. එහි සඳහන් වන්නේ මෙසේය. 12 (1* 13 සහ 14 වගන්ති වලින් පිළිගෙන ප‍්‍රකාශයට පත් කොට ඇති මුලික අයිතීන් හමුදා වල පොලිසියේ සහ මහජන සාමය රැුකිමේ වගකීම පැවරි ඇති වෙනත් හමුදාවක සමාජිකයන් සඳහා බලපැවැත්වීම ක‍්‍රියාත්මක විය යුත්තේ ඔවුන්ගේ වගකීම නිසියාකාරව ඉටු කිරිම සහා ඔවුන් අතර විනය පවත්වාගෙන යාම සඳහා නීතියෙන් නියම කරනු ලැබ ඇති සීමාකිරිම් වලට යටත්වය.

මෙම වගන්තියෙන් පැහැදිලි වන්නේ සරත් ෆොන්සෙකා අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීමෙන්, රඳවා තබා ගැනීමෙන්, දඩුවම් දීමෙන් වැනි කරුණු වලින් නිදහස් වෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වන වගන්තියෙන් සහතික කොට ඇති ඔහුගේ මූලික අයිතීන් හමුදා පනත යටතේ ක‍්‍රියාත්මක විධිවීධාන මඟින් සීමා කළ හැක්කේ එම අත්අඩංගුවට ගන්නා මෙහොතේ
පහත සඳහන් කරුණු සපිරී ඇත්නම් පමණක්ය: එනම්එවිට ඔහු

01. හමුදා සමාජිකයකු වීම.
02. මහජන සාමය පවත්වාගෙන යාමේ වගකීම දැරීම.
03. හමුදා සමාජිකයකු ලෙස ඔහුගේ රාජකාරි නිසියාකාරව ක‍්‍රියාත්මක කිරිම සඳහා එම අත්අඩංගුවට ගැනීම අවශ්‍ය වීම සහ
04. හමුදාව තුල විනය පවත්වා ගැනීමට එම පියවර අවශ්‍ය වීමයි.

මෙම කරුණු විස්තර කිරීමට මහන්සි වීමට මට අවශ්‍ය නැතත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වන වගන්තියෙන් සහතික කොට තිබෙන මුලික අයීතීන් සිමා කිරිමට 15 (8 වගන්තිය මගීන් නියම කොට තිබෙන කොන්දේසි එකක් වත් ජනරාල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමේ හා රඳවා තබා ගැනීමේ දී වලංගු වන්නේ නැත.


ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව, මානව හිමිකම් විශ්ව ප‍්‍රකාශනය අනුව, සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය අනුව, අපරාධ විධි වීධාන සංග‍්‍රහ පනත අනුව, හමුදා පනත හෝ ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී පනත අනුව යන කුමන ආකාරයට බැලූවත් දැන් පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්‍ෂකයකු වශයෙන් නාම යෝජනා භාර දී ඇති ජනරාල් සරත් ෆොන්සේකා අරමුණු සහගත ලෙස අත් අඩංගුවට ගැනීමත්, දිගටම රඳවා තබා ගැනීමත් නීතියට සහ යුක්තියට සම්පූර්ණයෙන්ම පටහැනිය යන්න, මගේ මතය ලෙස ප‍්‍රකාශ කිරිමට කැමැත්තෙමි. මා එසේ කියන්නේ මෙම ප‍්‍රශ්නය පිලිබඳ තීරණ ගැනීමට බලය ඇති ඕනෑම තැනැත්තෙකුට හෝ ආයතනයකට හෝ නිත්‍යානුකුල අධිකාරයකට හෝ අවනම්බු කිරිමේ අදහසින් නොව නිවැරදි චින්තනයක් ඇති පුද්ගලයින්ගේ මානව හිතවාදී හැඟීම් දියත් කිරිම සඳහා පමණක් ය.

විශ‍්‍රාමලත් අග විනිසුරු ජනාධිපති නීතිඥ නීතිවේදී සරත් එන් සිල්වා.


No comments:

Post a Comment