Wednesday 20 November 2013

මෙදා අයවැයෙන් වැඩිවෙන වැටුප කියද?

බදුබර පමණක් අපට පැටෙව්වා යි සටන් පාඨ කියමින් කම්කරුවන් ධීවරයන් ගොවියන් වතුකම්කරුවන් ගුරුවරුන් විසින් ඉල්ලා ඇති ඉල්ලීම් 21 හෙට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය මගින් ලබා දෙන්නැයි මරාණ්ඩුවට බල කරන දැවැන්ත උද්ඝෝෂනයක් අද සවස කොළඹ දී පැවැත්විණ.

මෙම උද්ඝෝෂනය සංවිධානය කර තිබුනේ විවිධ වෘත්තීය සමිති එක් කරමින් තැනූ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මගිනි.

රාජ්‍ය, පෞද්ගලික, වතු ක්ෂේත්‍රය නියෝජනය කරමින් විශාල පිරිසක් මෙම උද්ඝෝෂණය සඳහා පැමිණ සිටි අතර කොටුවේ පැවැත් උද්ඝෝෂණයෙන් අනතුරුව ඔවුහු මුදල් අමාත්‍යාංශය දක්වා පෙළපාලියක් ද පැවැත්වූහ.

මෙහිදී වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙනුවෙන් වසන්ත සමරසිංහ ගුරු සේවා සංගමය වෙනුවෙන් මහින්ද ජයසිංහ පුද්ගලික සේවකයන් වෙනුවෙන් ඇන්ටනී මාකස් ආදීහු කථා කළ අතර ඔවුන් අවධාරණය කර සිටියේ 2006 සිට කිසිදු වැටුප් වැඩි විමක් ලබා දී නැති අතර මෙවර අයවැයෙන්ද වැටුප් වැඩි වීමක් නොමැති බව දැන ගන්නට ලැබී ඇති බවයි. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තා අනුව මේ වන විට ලංකාවේ 4 දෙනෙකුගෙන් යුක්ත පවුලක් සඳහා අවම වශයෙන් ජීවත් වීමට රුපියල් 47000 ක් අවශ්‍ය යැයි කියද්දී ආණ්ඩුව 2006 සිට වැටුප් වැඩි කර නැති වීම සහගහන අපරාධයකි.

රාජ්‍ය සේවකයාට රුපියල් 10,000 කින් වැටුප් වැඩි කිරීමටත්, පෞද්ගලික අංශයට රුපියල් 5000 කින් වැටුප් වැඩි කිරීමටත්, විශ්‍රාමිකයාගේ වැටුප් වැඩි කිරීමටත්, අධ්‍යාපනයට සියයට 6 ක් වෙන් කිරීමටත් ජීවන අංකය 280 ලෙස ගැසට් කිරීමටත්, ගොවියාට සහ ධීවරයාට සහන ලබාදීමටත් ඇතුළු ඉල්ලීම් 21 ක් ආණ්ඩුවෙන් ඉල්ලා තිබුනද ඒ කිසිවකට කිසිදු ප්‍රතිචාරයක් මෙතෙක් දක්වා නැතැයි උද්ඝෝෂකයෝ පැවසූහ. ඉල්ලීම් 21 ලැබුණු බවට මුදල් අමාත්‍යාංශය දැනුම් දුන් නමුත් ඉල්ලීම් 21 සඳහා සාකච්ඡා කිරීමට එකදු අවස්ථාවක්වත් ලබා නොදුන් බවද ඔව්හු පැවසූහ.

හෙට 21 දා අයවැයෙන් ඉල්ලා ඇති පරිදි වැටුප් වැඩි නොවුනහොත් 22 දා සිට සටන ආරම්භ කරන බවත් ඉල්ලීම් 21 ලැඛෙන තුරු සටන අත් නොහරින බවටත් කම්කරු නායකයෝ ප්‍රතිඥා දුන්හ.

No comments:

Post a Comment