Saturday 23 November 2013

නීතිඥවරියගේ නිරුවත ලෝකය පුරා...........

අයර්ලන්ත නීතිඥවරියක් විසින් බුද්ධි අංශවල කටයුතු පිලිබඳ තොරතුරු හෙළිදරව්කරන්නන් වෙනුවෙන් දේශපාලන නිරුවත් කැලැන්ඩරයක් සම්පාදනය කර ඇතැයි වාර්තා වේ.
ජාත්‍යන්තර නීතිය පිළිබඳ විශේෂඥයකු වන ආචාර්ය රොසලින් ෆුලර් පවසා ඇත්තේ ජුලියන් අසාන්ජ්, බ‍්‍රැඞ්ලි මැනිං වැනි පුද්ගලයන් වෙනුවෙන් මෙය සිදුකිරීමට තමන් තීරණය කළ බවයි.
බුද්ධි අංශ තොරතුරු හෙළිදරව්කිරීම යනු ඇකඩමියාව තුළ සංවාදගත කළ හැකි බුද්ධිමය කටයුත්තක නොවන බව මෙයිනූත්හි අයර්ලන්ත ජාතික විශ්වවිද්‍යාලයේ දේශනයකදී ඇය පවසා තිබේ.
ඇය සඳහන් කර ඇත්තේ අනෙක් මිනිසුන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් තමන් සතු සියලූ දේ අත්හරිමින් බලය අනිසි ලෙස භාවිතය අනාවරණය කිරීම යනු අතිශය අනුරාගික කටයුත්තක් වන බවයි.
එලෙස අනුරාගික වීමේ වරදට චෙල්සි මැනිං 35 වසරක සිරදඬුවමකට ලක්කරනු ලැබීමට නියමිත අතර විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන අසාන්ජ් වසරකටත් වඩා වැඩි කාලයක් පුරාවට ඉක්වදෝරියානු තානාපති කාර්යාලයක් තුළ රැඳී සිටී.
එඞ්වඞ් ස්නොව්ඩන්හට ද සිය මවුබිමට නැවත පැමිණීමට කිසිදා නොහැකිවනු ඇතැයි පැවසේ.
කැනඩාවේ උපත ලද 33 වියැති නීති විශාරදවරිය පවසන්නේ ඔවුන්ගේ කටයුතු පිළිබඳව බහුතර ජනතා කැමැත්ත දිනාගැනීමේ අවශ්‍යතාවය තමන් අවබෝධ කරගත් බවයි.
ඒ සඳහා වන පියවරක් වශයෙන් තොරතුරු හෙළිදරව්කිරීම සහ ජනප‍්‍රිය සංස්කෘතිය ඒකාබද්ධ කිරීම සඳහා තමන් මෙම නිරුවත් කැලැන්ඩරය සම්පාදනය කළ බව ඇය පවසා තිබේ.
ආචාර්ය රොසලින් ෆුලර් පවසන්නේ මෙමගින් තම වෘත්තිය අර්බුදයට පත්විය හැකි වුවත් එය තමන් නොසලකන බවයි.  මෙමගින් ලැබෙන ආදායම විකිලීක්ස් සහ එවැනි වෙනත් ක‍්‍රියාකාරී සංවිධාන වෙත ලබාදීමට තීරණය කර ඇති බවද ඇය පවසා තිබේ.

No comments:

Post a Comment