Wednesday 20 November 2013

මනෝ ගනේෂන් මුරලිදරන්ට දුන් රත්තරන් අවවාදය..........

මුත්තයියා මුරලිදරන්ට තම රජය වර්ණනා කරමින් කතා කල හැකි බවත් එසේ වුවත් වැදූ දරුවන් අහිමිව තැවෙන මව්වරුන්ව පහත්කර කතා කිරීමේ අයිතියක් නොමැති බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් පවසයි.


ඔහු මේ අදහස් පළ කර ඇත්තේ පසුගියදා මුත්තයියා මුරලිදරන් විසින් මව්වරුන් 20 -30 ක් තම දරුවන් නොමැති බවට අඬා වැලපී විරෝධතා පැවැත්වීම හේතුවෙන් මානව හිමිකම් චෝදනා සත්‍ය වන්නේ නොමැති බවට වන ප්‍රකාශයට පිළිතුරු සපයමිනි.

වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ගනේෂන් පවසා ඇත්තේ මුරලිට මේ රට අශ්චර්යය කරා යන බවටත්, ලොව පුදුම කරවන මාවතක ගමන් කරමින් ඇති බවටත් වන ප්‍රකාශයන් ඕනෑ තරම් සිදුකළ හැකි වනවා සේම අපි ද ඒ සම්බන්ධයෙන් බිදක් හෝ කනගාටු නොවන බවයි.

නමුත් තම පැවැත්ම වෙනුවෙන් දරුවන් අතුරුදහන්ව තැවෙන මව්වරුන් වෙනුවෙන් මෙවන් ප්‍රකාශ නිකුත් කිරීම කිසිසේත්ම අනුමත නොකරන බවත් එය නිල්පාට ලේ ඇති දමිලයින් විසින් සිදුකරන ප්‍රකාශ විනා අන්කවරක් නොවන බවත්ය.

No comments:

Post a Comment