Wednesday, 9 October 2013

ආණ්ඩුව මැතිවරණයෙන් පසු මධ්‍යම පරද වන ලකුණු......















නව මධ්‍යම පළාත් සභාවේ මංගල සැසිවාරයේදි උප සභාපතිවරයා තෝරා ගැනීමේදී විපක්ෂයෙන් යෝජනා කළ අපේක්ෂකයාට ආණ්ඩු පක්ෂයේ ඡන්ද 7 ක් ලැබී තිබෙනවා. උප සභාපතිවරයාට ආණ්ඩු පක්ෂයෙන් යෝජනා කළේ එස්.බී. රත්නායක මන්ත‍්‍රීවරයාගේ නමයි. විපක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී රෝහණ බණ්ඩාරනායකගේ නම යෝජනා කළා. ඔහුට ඡන්ද 24 ක් ලැබුණු අතර එස්.බී. රත්නායකට ඡන්ද 33 ක් ලැබුණා. මධ්‍යම පළාත් සභාවේ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ සංඛ්‍යාව 18 ක්. අද එක් අයෙකු පැමිණ සිටියේ නැහැ. ඒ අනුව විපක්ෂයේ උප සභාපති අපේක්ෂකයාට ආණ්ඩු පක්ෂයේද ඡන්ද 7 ක් ලැබී තිබෙනවා. 

මධ්‍යම පළාත් සභාවේ නව සභාපතිවරයාටද නම් දෙකක් යෝජනා වීම නිසා ඡන්ද විමසීමක් පැවැත්වුණා. ආණ්ඩු පක්ෂයේ මහින්ද අබේකෝන්ව ආණ්ඩු පක්ෂයෙන්ම යෝජනා වූ අතර එම පක්ෂයේම එල්.ඞී. නිමලසිරිගේ නම විපක්ෂයෙන් යෝජනා කළා. මහින්ද අබේකෝන්ට ඡන්ද 29 යි. නිමලසිරි මන්ත‍්‍රීවරයාට ඡන්ද 27 ක් ලැබුණා. 

විපක්ෂයේ නොපැමිණි මන්ත‍්‍රිවරයාද පැමිණියේ නම් ආණ්ඩු පක්ෂය යෝජනා කළ සභාපතිවරයා ජයගන්නේ එක් ඡන්දයකින් පමණක් බව එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී සංජීව කවිරත්න කියා සිටියේ අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්
.

No comments:

Post a Comment