Thursday 10 October 2013

ලංකාවේ දුම්රිය මාර්ගයේ ලිංගික කටයුතු තහනම්.

පාන්දර කවුරුත් නොපෙනෙන වේලාවේ දැනුණු සීතල ගතිය අර හැඟීම තව තවත් තීව්‍ර කෙළේය. රේල්පාර මැද්දේම දෙදෙනා තම සිතැඟි ඉටු කරගන්නට වූහ.
දුම්රියක් ඈතින් එනු දුටුවත් සියල්ල නිමවා මාර්ගයෙන් ඉවත් වීමට දෙදෙනා සිතූහ. එහෙත් එසේ වීමට මඳක් ප්‍රමාද වූයෙන් දුම්රිය ළං වීමට පෙර මාර්ගයෙන් ඉවත් වීමටද නොහැකි විය.
දුම්රියේ ගැටී කාන්තාව එතැනම මිය ගියාය. ඇගේ පෙම්වතාට දෙපා අහිමි විය. ඔහුගේ වයස අවුරුදු හතළිහකි. ඇයගේ වයස අවුරුදු තිස් ගණනකි.
මේ සිද්ධිය යුක්රේනියාවේ සපෝරෝසියා ප්‍රදේශයේ පසුගියදා සිදුවිය. අපි දෙන්න පාන්දර එනකොට අපි දෙන්නටම අපිව පාලනය කරගන්න බැරිවුණා. පෙම්වතා රෝහලේදී පොලිස් නිලධාරියකුට කීය.
ඒ කෙසේ වෙතත් දුම්රිය මාර්ගයේ ගමන් කිරීමට එරෙහිව මේ ප්‍රේමවන්තයාට එරෙහිව නඩු පැවැරීමට සූදානම් බව පොලිසිය කියයි.

No comments:

Post a Comment