Wednesday 23 October 2013

ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඇදුම් අන්දන ක්‍රිකට් සභාපති ..


හමීඩියා ආයතනයේ කළමණාකාර අධ්‍යක්‍ෂ ෆවුසුල් හමීඩ් මහතා (වමේ සිට තෙවැන්නා) විසින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති ජයන්ත ධර්මදාස මහතාට අදාළ අනුග්‍රහකත්වය ලබාදුන් අවස්‌ථාව ඡායාරූපයේ දැක්‌වේ. එම අවස්‌ථාවට සහභාගි වූ ඈෂ්ලි ද සිල්වා (ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වැඩබලන ප්‍රධාන විධායක), චින්තක වනිගසේකර (සාමාන්‍යාධිකාරී - හමීඩියා සමූහය) සහ නුස්‌කි මොහොමඩ් (ශ්‍රී ලංකා ක්‍රිකට්‌ භාණ්‌ඩාගාරික) යන මහත්වරුද ඡායාරූපයේ වෙති.

ඡායාරූපය - ජූඩ් ඩෙන්සිල් පතිරාජ

ඉදිරි වසර තුනක කාලයක්‌ සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නිල උත්සව ඇඳුම් සැපයීමේ අනුග්‍රාහකයා ලෙස 'හමීඩියා' සමාගම ඉදිරිපත්ව සිටියි.

ශ්‍රී ලංකාව ලෝක කුසලාන දිනූ 1996 වසරේදීද ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නිල උත්සව ඇඳුම් සපයන්නා ලෙස හමීඩියා සමාගම කටයුතු කරන ලදී.

අදාළ මාධ්‍ය හමුවේදී හමීඩියා සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ෆවුසුල් හමීඩ් මහතා අදහස්‌ දක්‌වමින්, 'මම පළමුව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ මාධ්‍ය හමුවට සම්බන්ධ වුණේ 1996 ලෝක කුසලාන තරගාවලි සමයේදී. අපේ ක්‍රිකට්‌ ක්‍රීඩකයන් ලෝකයේ සුපිරි ක්‍රීඩකයන් වුවත් තැනට සුදුසු ඇඳුම් ඇදීම පිළිබඳව වැටහීමක්‌ නැහැ.' යනුවෙන් පැවසීය.

'විශේෂයෙන් ඇන්ජලෝ මැතිව්ස්‌ සහ කුමාර් සංගක්‌කාර තැනට සුදුසු ඇඳුම් තෝරා බේරා අදින ක්‍රිකට්‌ ක්‍රීඩකයන් විදිහට මම දකිනවා. අනිත් කට්‌ටියට ඒ පිළිබඳව වැටහීමක්‌ නැහැ. ඒ හින්ද අපි මේ අනුග්‍රහකත්වය යටතේ ඇඳුම් විලාසිතා පිළිබඳව ක්‍රිකට්‌ ක්‍රීඩකයන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි මීට වසර තුනකට පෙරත් එවැනි වැඩසටහනක්‌ කරල තියෙනවා. උදේට අදින ඇඳුම් මොනවද, හවසට මොනවද අඳින්නෙ රාත්‍රියට මොනවද අදින්නෙ යනුවෙන් සහ උත්සව අවස්‌ථාව අනූව කොහොමද විලාසිතා කරන්නෙ කියන ගොඩාක්‌ දෙවල් අපි මේ අනුග්‍රකත්වය යටතේ ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට උගන්වන්න බලාපොරොත්තු වෙනවා.' යනුවෙන් හමීඩ් මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමට අමතරව ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ, ශ්‍රී ලංකා 'ඒ' සහ ශ්‍රී ලංකා කාන්තා කණ්‌ඩායම්වලටද අදාළ අනුග්‍රහකත්වය ලබාදීමට හමීඩියා සමාගම කටයුතු කරන බව ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වැඩ බලන ප්‍රධාන විධායක ඇෂ්ලි සිල්වා මහතා සඳහන් කර සිටියේය.

No comments:

Post a Comment