Monday 21 October 2013

දබුලු කැළේ වැනසු ක්‍රිකට් ක්‍රීඩකයන් හා නිළිය කවුද?

jungal-cuting

ජනප්‍රිය ක්‍රිකට් හා මලල ක්‍රීඩා තරුවලට සහ නළු නිළියන්ගේ නිවෙස්වල දැව අවශ්‍යතාවන් සඳහා දඹුලු කැලෙන් දැව සපයන ජාවාරමක් පිලීබදව තොරතුරු වාර්තා වෙයි.

දඹුල්ල ප්‍රදේශයේ ජාවාරම්කරුවන් විසින් ජනප්‍රිය ක්‍රිඩා තරුවලින් සහ නළ නිලීයන්ගෙන් ඇණවුම් සහ අත්තිකාරම් මුදල් ලබාගෙන පසුව ඔහුගේ ගෝල බාලයන් මඟින් රක්‍ෂිතයෙන් අවශ්‍ය දැව කපා බිම හෙළා රාත්‍රි කාලයේදීම ඉරනු ලබන බව වාර්තා වෙයි.

පසුව විල්ගමුවේ සිට කොළඹට වැලි ප්‍රවාහනය කෙරෙන ලොරිවල සඟවා මෙම දැව කොළඹට ප්‍රවාහනය කරනු ලබන බව වාර්තා වෙයි.

මෙම දැව ජාවාරමට සම්බන්ධ විශේෂ ලොරි රථ කීපයක් තිබීම විශේෂත්වයක් වන අතර දැව ඇණවුම භාරගෙන අවසන් වනතුරු රක්‍ෂිතය තුළට පිටස්තර පුද්ගලයන්ට ඇතුළුවිය නොහැකි අයුරින් සන්නිවේදන හා ආරක්‍ෂිත ජාලයක්ද ජාවාරම්කරු විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

කුඹුක්, බුරුත සහ කළුවර දැව පමණක් කපා ප්‍රවාහනය කිරීමට මොහු ඇනවුම් භාරගැනෙන්නේ රුලියල් මිලියන ගනණකට බවද වාර්තා වෙයි.

No comments:

Post a Comment