Wednesday 23 October 2013

සජිත්ට පුළුවන් නම් දිනන්න මම ඉල්ලා අස්වෙන්නම් - එ .ජා.ප


 එක්සත් ජාතික පක්‍ෂය දිනවා රට දිනවීමට සජිත් පේ‍්‍රමදාස මහතාට හැකි නම්, ඊට පෙර පිය උරුමය ඇති ගාල්ල දිස්ත‍්‍රික්කයට නායකත්වයදී ජයගෙන පෙන්වන ලෙස අභියෝග කරන්නේ යැයි බළපිටිය එ.ජා.ප ප‍්‍රධාන සංවිධායක නීතිඥ කමල් ජයන්ත ද සොයිසා අහුන්ගල්ලේ සිය නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. ගාල්ල දිස්ත‍්‍රික්කයට නායකත්වය දී ජය ගැනීමට තමාට නොහැකි යැයි සිතන්නේ නම් බළපිටිය ආසන සංවිධායක ධුරයට සුදුසු කෙනෙකු පත් කෙරගෙන බළපිටිය ආසනය හෝ දිනා පෙන්වන ලෙස කමල් ජයන්ත ද සොයිසා මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය. '' සජිත් පේ‍්‍රමදාස මහතාට දකුණේ මහ ඇමැතිකමට ඉල්ලන්න කියලා අපි කියන්නේ නැහැ. එතුමා පාර්ලිමේන්තුවේ මිස පළාත් සභාවේ සිටිය යුතු නැහැ. එතුමාට එ.ජා.ප යත් රටත් දිනවන්න පුළුවන්නම් ඊට පෙර දිස්ත‍්‍රික් නායකත්වය දරන හම්බන්තොට දිස්ත‍්‍රික්කය මීළඟ පළාත් සභා ඡන්දයේදී දිනවලා දෙන්න කියලා ඉල්ලනවා. ජනාධිපති එයාර්පෝට්, වරාය, ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය, සුපිරි මාර්ග, සම්මන්ත‍්‍රණ ශාලා ඉදිකර රාජ්‍ය බලය යොදා තිබෙනවා. ඒ නිසා සජිත් පේ‍්‍රමදාසට හම්බන්තොට දිනන්න යම් අමාරුවක් ඇති. එහෙනම් පිය උරුමය තිබෙන ගාල්ල දිස්ත‍්‍රික්කයේ බළපිටිය ආසනය ජයග‍්‍රහණය සඳහා මෙහෙයවන්න කියලා ඉල්ලනවා. එතුමාට ගාල්ල දිස්ත‍්‍රික්කය හෝ බළපිටිය දිනවන්න බැරිනම් එයාගේ තාත්තගේ අම්මා වු ආච්චිගේ උරුමය තිබෙන හොරණ බටුවිට අයත් කළුතර දිස්ත‍්‍රික්කය දිනවල දෙන්න කියලා කියනවා'' යයි ද නීතිඥ කමල් ජයන්ත ද සොයිසා මහතා එහිදී කීය. එජාපයේ දෙපිරිසක් අතර පසුගිය 05දා මාතර නගරයේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් නීතිඥ කමල් ජයන්ත ද සොයිසා මහතා, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහරින. කමල් ජයන්ත ද සොයිසා මහතාගේ වැඩිමල් සොයුරාවන අරුණ සොයිසා මහතා 'රුහුණු ජනතා පක්ෂයේ' මහ ලේකම්වරයාවේ. එම පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ මුලිකත්වයෙන් යුතු 'විපක්ෂ විරෝධය' හා 'සමගි බලවේගය' නියෝජනය කරයි.

No comments:

Post a Comment