Tuesday 22 October 2013

ජනප්‍රිය නිලියෝ දෙන්නා කෙහිවලු පටලවාගෙන මිරිහාන පොලිසියට.......



නිළියක හා නර්තන ශිල්පිනියක වන අක්ෂා සුදාරිත් ඇගේ මවත් තවත් නිළියක හා නර්තන ශිල්පිනියක වන මේනකා මධුවන්තිත් එක්ව නිරූපිකාවක වන හංසි පෙරේරාට පසුගියදා නිලූ කොඩිකාර ගේ රූපලාවන්‍යාගාරය තුලදී පහර දී ඇත. 

මෙයට හේතුව වී ඇත්තේ කාවිංග ගෙන් වෙන්වූ පසු යහළු වූ අක්ශාගේ අලුත් පෙම්වතාට හංසි විසින් අක්ශාගේ පෙර වැරදි පවසා තිබීම බව වාර්තා වේ. 

නිලූ කොඩිකාර අක්ශාගේ සමීපතම මිතුරියක් වන අතර ඒ අනුව නිලූ කොඩිකාර ලවා ඇගේ රූපලාවන්‍යාගාරයට ගෙන්වා සැලසුම් ගතව පහරදී ඇත. 

මෙහිදී අක්ෂා විසින් හංසි ගේ අත සපා කා ඇති අතර උල් සේරෙප්පුවකින්ද පහර එල්ලකොට ඇත. එම ගැටුමට සම්බන්ධ වූ අක්ෂා සුදාරි, මේනක මධුවන්ති, නිලුකා කොඩිකාරී මෙම ගැටුම සම්බන්ධ පුවත් ප්‍රතික්ෂේප කරන අතර ගැටුමේ ප්‍රහාරයට ලක්වූ හංසි පමණක් මෙම සිදුවීම සිදුවූ බව ප්‍රකාශ කර සිටී. ඇය මේ පිළිබඳව මිරිහාන පොලිසියට පැමිණිල්ලක්ද සිදුකොට ඇත. 

මේ හංසි ගැටුම පිළිබඳව මාධ්‍යයට පලකල අදහස් වේ. 

"ඒක ඇත්තක්..මට නිලූ කොඩිකාර සැලුන් එකෙන් බ්‍රයිඩල් ෂෝ එකකට එන්න කිව්වා..මම මොඩ්ලින් කරනවනේ..ෆිටෝන් එකක් තියෙනවා කියල තමයි මුලින්ම එන්න කිව්වේ..දහ වෙනිදා හතරට මම සැලුන් එකට ගියාම මට බ්‍රයිඩල් ෆ්රෝක් එකක් මෙයා ඇන්දුවා..

ඒක අන්දලා විනාඩි දහයක් ගියාට පස්සේ ආක්ශායි , ආක්ස්හගේ අම්මයි, මෙනකයි තුන්දෙනාම සැලුන් එක ඇතුලට ආවා..ඊට පස්සේ මගේ ගාවට ඇවිත් ඇහුව මගේ බෝයිෆ්රෙන්ඩ් ට මොනවා හරි කිව්වද කියලා..මම කිව්වා මට අවශ්‍යය නැහැ කාටවත් මුකුත් කියන්න කියල..ආක්ෂා ඒ පාර මගේ වම් පැත්තේ කනට ගැහුවා..

ඊට පස්සේ මගේ අතේ ෆෝන් එක තියෙනවා දැකලා එයා ෆෝන් එක ඉදිරුවා..මම දුන්නේ නැහැ..ඊට පස්සේ මගේ දකුණු අත හැපුවා..දකුණු අතේ කෑල්ලක් ම ගලවා ගත්තා එයා..මම මේවා මිරිහාන පොලිසියට ඉදිරිපත් කරලා තියෙනවා..මේ තුන්දෙනාම එකතු වෙලා මට ගැහුවා..මම එලියට දුවන්න හැදුවත් මට දුවන්න දුන්නේ නැහැ..

ඇතුලට ඇදලා අරන් ගැහුවා..නිලූ කොඩිකාර බෙරගන්නවත් ආවේ නැහැ..මොකද ඒ ගොල්ලෝ ප්ලෑන් කරලා තමයි මේ වැඩේ කරේ.."

No comments:

Post a Comment