Thursday 10 October 2013

ලබන ජනවාරි වනවිට අධි වේගයෙන් ජනාධිපති තුමා සමග මාතරට - ඇමැති නිර්මල

 දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල සිට මාතර දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු ලබන දෙසැම්බර් මස අගදී නිම කරන බව වරාය හා මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පවසයි.
එසේම මෙම මාර්ගය ලබන වසර මුලදී විවෘත කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය.
මේ අතර දකුණු අධිවේගී මාර්ගයේ ගාල්ල, මාතර කොටස විවෘත කිරීමත් සමඟම, මාතර හම්බන්තොට අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුද ආරම්භ කෙරෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment