Tuesday 22 October 2013

නිලියෝ දෙදෙනාට මිරිහාන පොලිසියෙන් අඑප ලැබේ...



නුගේගොඩ ගම්සභා හන්දියේ පිහිටි රූපලාවණ්‍යාගාරයක් තුළදී ටෙලි නාට්‍ය නිළියකට පහරදී ඇය සතු රුපියල් විසි දහසක් පමණ වටිනා ජංගම දුරකතනයක් සොරාගත් බව කියන ජනප්‍රිය චිත්‍රපට ටෙලි නාට්‍ය නිළි මේනකා මධුවන්ති ඇතුළු සැකකාරියන් තිදෙනා රුපියල් ලක්ෂයක් බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු අරුණි ආටිගල මහත්මිය නියෝග කළාය.

ඇපමත මුදා හැරුණේ ජනප්‍රිය චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිළි මේනකා මධුවන්ති හා ආශා කුමාරි නමැත්තිය හා ඇගේ මව වන මෙහොමඩ් රොෂානා යන සැකකාරියන් තිදෙනායි.

ටෙලි නාට්‍ය නිළියක් වන උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචි හංසි සිතාරා මහත්මිය මිරිහාන පොලිස් අපරාධ අංශයට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාරියන් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
පැමිණිලිකාර නිළිය මිරිහාන පොලිසිය වෙත සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ තමා ඉකුත් 10 වැනිදා නුගේගොඩ ගම්සභා හන්දියේ පිහිටි රූපලාවණ්‍යාගාරයකට ගොස් ඇඳුමක් තෝරාගෙන එහි කණ්ණාඩිය අසලට ගොස් එම ඇඳුම සුදුසුද යන්න පරීක්ෂා කළ අවස්ථාවේ තමාට ලැබුණු දුරකතන ඇමැතුමකට පිළිතුරු ලබාදීමට සූදානම් වූ අවස්ථාවේ සැකකාර නිළිය උඹ මගේ බෝයි ෆ්‍රෙන්ඩ්ටද කතා කරන්නේ කියා පහරදී තමා සතු ජංගම දුරකතනය සොරාගත් බවද පොලිසියට පවසා ඇත.

සබැදී පුවත---- 

ජනප්‍රිය නිලියෝ දෙන්නා කෙහිවලු පටලවාගෙන මිරිහාන පොලිසියට.......

www.dinanadakuna.blogspot.com

No comments:

Post a Comment