Sunday 13 October 2013

ගණිකා නිවාසයේදී පොලිසියට වැන්ද නියෝජ්‍ය ඇමතිවරයා කවුද ............?

ඉහළ දේශපාලන සහ ‍පොලිස් රැකවරණ මත ක්‍රියාත්මක වුණු බව පැවැසුණු ජිනා මැඩම්ගේ ලිබර්ටි
ප්ලාසා හි ගණිකා මධ්‍යස්ථානය වටලනවා යන්න සියතින් ගෙල කපා ගැනීමක්  බඳුය. ඒ එය නිල ඇඳුමේ තරුපටි පවා ගැලවෙන වරදක් බවට  පත්වන බැවිනි. සරත් ලූගොඩ මහතා නීතිය ක්‍රියාත්මක කිරීමට ජිනා මැඩම්ගේ ගණිකා මධ්‍යස්ථානය වැටලීමට  රහසිගත මෙහෙයුමක් දියත් කරනුයේ ඉහළ ‍පොලිස් නිලධාරින්ටද හොරාය.
එදා ඒ වැටලීමේදී ජිනා මැඩම් පස්සා  දොරින්  පලාගියද රුසියානු, උස්බෙකිස්තානු ඇතුළු රටවල් කිහිපයකම සුරූපී ගණිකාවන් රැසක් කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන්ට කොටුවන්නේ ලිබර්ටි ප්ලාසාහි ගණිකා මධ්‍යස්ථානයේ රැඳී සිටියදීය. ‍පොලිස් නිලධාරීන්ට එහිදී හමුවන විශේෂ අමුත්තා වන්නේ  නියෝජ්‍ය ඇමැතිවරයාය. රුපියල් දස දහසකට රුසියානු  ගණිකාවක් ඇණවුම්කර ඇය පැමිණෙන තුරු ඔහු කාමරයට වී ඒ වන විට සිටින්නේ විදේශීය මත්පැන් බෝතලයක රස විඳිමිනි. ඒ උඩුකය නිරාවරණය කර ගෙන සරමකින් සැරසීය.
එදා එකී නියෝජ්‍ය ඇමැතිවරයා ‍පොලිස්  අත්අඩංගුවට පත් නොවී බේරෙන්නේ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී හැඳුනුම්පත සරත් ලූගොඩ මහතාට පෙන්වා ඔහු ඉදිරියේ දනින් වැටී තමාව මුදාහරින ලෙසට පින්සෙන්ඩු වීමෙන් අනතුරුවය.
වරක් පක්ෂයක ‍ලේකම්වරයෙකු ද ‍පොලීසියට කොටුවී  තිබුණේ කොළඹ ගණිකා නිවාසයක රැඳී සිටියදීය.  ඔහු ගණිකා නිවාසයට රිංගා තිබුණේ සිය ආරක්ෂකයන්ව ගණිකා නිවාසයේ සිට කිලෝමීටරයක් පමණ ඈතින් ඇති අතුරු මාර්ගයක නතර කොට, රහස් මිතුරෙකු මුණ ගැසීමට ඇති බව ආරක්ෂකයන්ට පවසාය. අතුරු මාර්ග තුනකින් රිංගා ඔහු එසේ ආරක්ෂකයන් මගහැර ගණිකා නිවාසයට පැමිණෙනුයේ පා ගමනින් වීමද අපූරු සිද්ධියකි.
‍පොලිස් කණ්ඩායම එම ගණිකා නිවාසයට කඩා පනිනුයේ මෙම දේශපාලනඥයා එහි සිටින බව දැනගෙන නොවේ. ඔහු ‍පොලීසියට කොටුවන්නේ අහඹු  ලෙසිනි. ඒ වනවිටත් ගණිකාවන්  සමග යහන් ගත වී සිටි එම දේශපාලනඥයාද ‍පොලිස් බලධාරීන් ඉදිරියේ ඔහුව මුදා හරින ලෙසට බැගෑපත්වී  තිබුණේ දෑත් එක්කොට වැඳ වැටෙමිනි.
මධ්‍යම දූෂණ මර්දන බළකායේ නිලධාරින් කණ්ඩායමක්  වරක් කොළඹ කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් පාරේ තැනක සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය චීන ගණිකා  නිවාසයක් වටලන්නට ගියෝය. සංචාරක වීසා මගින් මාස හයක කාලයකට මෙරටට ගෙන එනු ලබන චීන ජාතික සුරූපිනියන් යොදාගෙන එකල කරගෙන ගිය එම ගණිකා නිවාසය මෙරට ඉහළ පැලැන්තිය අතර ප්‍රසිද්ධ ස්ථානයකි. ඒ ඉහළ සමාජයේ වැජඹෙන පුද්ගලයන් රැසක්  නිතර එහි ආ ගිය ගනුදෙනුකරුවන් අතර සිටි බැවිනි.

No comments:

Post a Comment