Tuesday 22 October 2013

වෙඩි කැ මන්ත්‍රී රත්තරනුත් පළාත් සභාවෙන් පොලිසියට අද ................

චායාරුප ලබාදුන් දෙරණ නාලිකාවට ස්තුතියි 
රත්තරන් රෝද පුටුවෙන් එයි.....!
මාතරදී ඉකුත් 5 වැනිදා රනිල් විරෝධී හා හිතවාදී පා ගමනේදී ඇති වූ ගැටුම අතරතුර පාදයකට වෙඩි වැදී තුවාල ලැබූ දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරන් අද (22) නිවසේ සිට රෝද පුටුවෙන්ම දකුණු පළාත් සභාවට පැමිණියේය. මන්ත්‍රීවරයාට පළාත් සභාව තුළට යාමට සිය සඟයින්ගෙන් උදව් උපකාර ද ලැබිණ. මාතර ගැටුම සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් රැසක් මේවන විට ඇප මත මුදා හැර ඇති අතර ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතාටද මාතර පොලීසියට අද වාර්තාකරන ලෙස දැනුම්දීමක් කර ඇති වග අප වාර්තාකරු පැවසීය. 

ඡායා රූ - සනත් පතිරණ 

No comments:

Post a Comment