Thursday 24 October 2013

අයවැයට විරුද්ද වුනොත් උස්සලා පොලවේ ගහනවා කිවුව--මන්ත්‍රී වරයා මිරිහාන පොලිසියට

මහරගම නගර සභාවේ අයවැයට පක්ෂව ඡන්දය දෙන ලෙසත් එසේ නොවුනහොත් මහරගම ප‍්‍රදේශයේවත් සිටීමට ඉඩ නොදෙන බව කියා බස්නාහිර පළාත් ප‍්‍රවාහන අමාත්‍ය උපාලි කොඩිකාර මහතා තමාට මරණීය තර්ජන එල්ල කළේ යැයි පවසා මහරගම නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත‍්‍රීවරයෙකු වන ප‍්‍රදීප් නල්ලපෙරුම මහතා මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් ඇත.
උපාලි කොඩිකාර මහතාගේ බිරිද වන මහරගම නගර සභාවේ සභාපතිනී කාන්ති කොඩිකාර මහත්මිය හට මේ ආකාරයට සහය ලබාදෙන ලෙසත් අයවැයට විරුද්දව ඡන්දය පළ කළහොත් උස්සලා පොළොවේ ගහන බවටද උපාලි කොඩිකාර මහතා තමාට තර්ජනය කළ බවත් අංක CIB2367/435 දරණ පැමිණිල්ලෙන් මන්ත‍්‍රීවරයා පොලීසියට පැමිණිල්ල ඉදිරිපත් කරමින් සදහන් කොට තිබේ.

තලපත්පිටිය පන්සල පාර ප‍්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී සිටියදී එම ස්ථානයට පැමිණි උපාලි කොඩිකාර මහතා මෙලෙස තමාට තර්ජනය කළ බවද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන්ව තිබේ.

No comments:

Post a Comment