Tuesday 22 October 2013

පක්ෂය ආරක්ෂා කරපු අය පාවා දීල.---රවී කරුණානායක


Ravi Karunanayake 410px 25-

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ගමන සැළසුම් කිරීමේ බලතල සහිතව පත් කෙරෙන 'නායකත්ව මණ්ඩලය' ද ගැටළුකාරී මාවතකට ප‍්‍රවිශ්ඨ වෙමින් තිබෙන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක මහතා පවසයි.
නායකත්ව මණ්ඩලයට පත් කළ යුතු සාමාජික සංඛ්‍යාව ඉතා අවම විය යුතු බවත්, එය නව දෙනෙක් දක්වා ඉහළ දමන්නේනම් ඵලදායී කි‍්‍රයාවක් නොවනු ඇති බවත් ඔහුගේ අදහසයි.
තනතුරු රැක ගැනීම හෝ තනතුරු අපේක්ෂාවෙන් කි‍්‍රයා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු විය යුතු යැයිද මන්තී‍්‍රවරයා කියා සිටියි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පල කළ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක මහතා මෙසේද පැවසිය.
'' අපි පක්ෂයට තියන ආදරය නිසා නිශ්ශබ්දව බලා ඉන්නවා. දැන් අපේ නායකතුමා කතා කරනවා සිරිකොතට ගල් ගහපු අයට. පක්ෂයේ අර්බුද එලියට ගිහිල්ල කියන අයට. දැන් මෙච්චරකල් පක්ෂය, පක්ෂ නායකත්වය ආරක්ෂා කරපු අපි බලන් ඉන්නවා මොකද වෙන්නේ කියලා. පක්ෂය වෙනුවෙන් හිටපු අය පාවාදීමකට ලක්වෙලා. පක්ෂය වෙනුවෙන් ආණ්ඩුවට එරෙහිව සටන් කරපු මංගල සමරවීරලා තනිකරලා ගහන්න ඉඩදීලා බලන් ඉන්නවා.... ''

No comments:

Post a Comment