Thursday 10 October 2013

මැලේශියාවට හොරෙන් ගිහින් අතරමන් වූ අය මෙසේ කියයි .

මෙම ජාවාරම්කරුට හසුවී රැකියාවක් සඳහා මැලේසියාවට ගොස් දින හයක් එහි අතරමං වී සිට යළි මෙරටට පැමිණි මහනුවර ප්‍රදේශයේ තරුණයකු මේ බව මාතර පොලිසියට පැමිණිලි කර තිබේ. ඒ අනුව මාතර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මූලිකත්වයෙන් සති දෙකක පමණ කාලයක් විමර්ශන කිරීමෙන් පසු දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි සැකකරු දිවයිනට පැමිණ ඇති බවට ලද තොරතුරකට අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගේ ජංගම දුරකතන අංකයට උපායශීලීව ඇමැතූ පොලිසිය මැලේසියාවට යෑමට තරුණයන් සිවු දෙනකු සිටින බව සැකකරුට දන්වා තිබේ.

ඒ අනුව සැකකරු ඔවුන් සිවු දෙනාගේම විදේශ ගමන් බලපත්‍ර සහ රුපියල් ලක්‍ෂ දෙක බැගින් රැගෙන සම්මුඛ පරීක්‍ෂණයක් සඳහා මාතර වෙරළ පාරට පැමිණෙන ලෙස පවසා ඇත.

ඒ අනුව නවීනතම සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි සැකකරු විදේශගත වීමට අවශ්‍ය බවට පැවැසූ පිරිස මෝටර් රථයට නංවාගෙන සම්මුඛ පරීක්‍ෂණය පවත්වන අතරතුරදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුගේ බිරිය සහ දරුවන් තිදෙනා මැලේසියාවේ ජීවත් වන අතර සැකකරු වරින් වර ලංකාවට පැමිණ විවිධ ප්‍රදේශවල තරුණ තරුණියන්ගෙන් මුදල් ලබා ගෙන සංචාරක වීසා මඟින් මැලේසියාවට රැගෙන ගොස් අතරමං කර ඇති බව මූලික පොලිස් විමර්ශනවලින් අණාවරණය වී ඇත.

පැමිණිලිකරු මැලේසියාවේ අතරමංව සිටි දින හයක කාලය තුළ වට්ටක්කා, පතෝල ආදිය තම්බා ගෙන කෑ බවත් තවත් අතරමංවූ 28 දෙනකු මැලේසියාවේ සිටින බවත් හෙතෙම පොලිසියට දන්වා ඇත.

මාතර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන්, පොලිස් අධිකාරි (1) ඩබ්ලිව්.පී. විමලසේන යන මහත්වරුන්ගේ උපදෙස් මත මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්‍ෂක පී.එස්.සී. සංජීව, පොලිස් සැරයන් පතිරත්න (4391), ගමගේ (13056), රොෂාන් (84855), පො.කො. සමන්ත (52590) යන නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගත්හ.
වැඩිදුර පරීක්‍ෂණ සඳහා සැකකරු දික්වැල්ල පොලිසියට බාරදී ඇත.

No comments:

Post a Comment