Monday 21 October 2013

ලංකාවේ හොරු ඉතාලියත් හොරකම් කරයි




මිලානෝ නගරයේ විදුලි උපකරණ නිපදවන ආයතනයක ශ්‍රී ලාංකිකයින් පිරිසක් ආයතනයේ සේප්පුවේ තිබු යුරෝ 35000ක් (රුපියල් 63,70000) සොරා ගෙන ඇතැයි ඉතාලී පොලීසිය පවසයි.
විදුලි උපකරණ ආයතනයේ හිමිකරුවන ඉතාලි ජාතිකයා මුහුදු සංචාරයක් සඳහා පිටවී ගොස් සිටින අවස්ථාවක ඔහුගේ සේවකයකු ඇමැතුමක් ලබා දී පවසා ඇත්තේ ගැනුම්කරුවකුගෙන් යුරෝ 35000(රුපියල් 63,70000) ක අත්තිකාරමක් ලැබුණු බවයි.
තමා එන තුරු එය කාර්යාල සේප්පුවේ දමා තබන ලෙස සේවකයාට ඔහු පවසා ඇත.
එම දුරකතන ඇමතුමට සවන් දුන් ඔහු ගමන් කළ යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයකු එම මුදල් පිළිබඳව ඔහුගේ හිතවතකුට පවසා ආයතනයේ සේවකයකුගේද උදව් ඇතිව රාත්‍රී කාලයේදී සේප්පුව කඩා මුදල් පැහැරගෙන ඇත.
සැකකරුවන් මේ වන විට ශ්‍රී ලංකාවට පැන ගොස් සිටින නිසා පරීක්ෂණ කටයුතුවලට බාධාවක් වී ඇතැයි ඉතාලි පොලීසිය කියයි.
මෙම සැකකරුවන් වයස අවුරුදු 37-40-42 වයස් පරතරයන් හි බවත් මුන්දලම හා කටුනේරිය ප්‍රදේශයන්වල බවද පොලීසිය සඳහන් කළේය.

No comments:

Post a Comment