Tuesday 22 October 2013

ජාතික රුපවාහිනියේ තුනක්ම එලියට දමා කරු පරණවිතාරණ ඇතුලට........


Karu Paranawithana 410px 23
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති ලෙස කරු පරණවිතාන මහතා පත් කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

ඒ අනුව මේවනවිට  කැනඩාවේ ටොරන්ටෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලෙස කටයුතු කරන පරණවිතාන මහතා ලබන මස ශ්‍රී ලංකාවට කැඳවීමට තීරණය කර ඇතැයි ද පැවසේ.

කරු පරණවිතාන මහතා විදේශගතවීමට පෙර ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ වරයකු ලෙස හා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස ද කටයුතු කළේය.

ජාතික රූපවාහිනියේ ප්‍රධාන නිලධාරීන් තිදෙනා අතර ඇතිවී ඇති බරපතල ගැටුමක් හේතුවෙන් රූපවාහිනී සංස්ථාව දැඩි අර්බුදයකට මුහුණදී තිබේ.  මෙම ගැටුම ඇතිවී ඇත්තේ සභාපති මොහාන් සමරනායක, අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ හා ප්‍රධාන විධායක ගාමිණී රාසපුත්‍ර  යන තිදෙනා අතරය.

ජාතික රූපවාහිනියේ  ප්‍රධානියා ලෙස පරණවිතාන මහතා පත් කිරීමට තීරණය කර ඇත්තේ, ජාතික රූපවාහිනියේ  ප්‍රධානින් අතර ඇතිව තිබෙන එම අභ්‍යන්තර  ගැටුම හේතුවෙනි.

කෙසේවුවද, ජාතික රූපවාහිනියේ  වත්මන් සභාපති මොහාන් සමරනායක මහතා, ජනධිපතිවරයාගේ ප්‍රකාශක ලෙස තවදුරටත් රඳවා ගැනීමට තීරණය කර ඇතැයිද වාර්තාවේ.

No comments:

Post a Comment