Sunday 13 October 2013

ශ්‍රී ලංකාවත් මුහුද යටට යන ලැයිස්තුවට..................?

මුහුදු ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත්, දූපත්වාසී රටවලට ඉදිරි කාලයේදී එයින් දැඩි තර්ජන එල්ලවිය හැකි බවත්, ආසියානු කලාපීය කාළගුණ අනාවැකි හා පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රියාවලියේ ජාත්‍යන්තර ප්‍රවර්ධන විශේෂඥ රූබි රෝස් පොලිකාපිඕ මහත්මිය පැවසීය.

ඇය මේ බව සඳහන් කළේ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පසුගියදා පැවති කාළගුණ අනාවැකි  සහ  දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකදීයි.

ගතවූ වසර 150ක පමණ කාළය තුළ මුහුදු ජල මට්ටම මිලිලීටර 210කින් පමණ ඉහළ ගොස් ඇති බවද ඇය එහිදී කියා සිටියාය.

වර්ෂ 1870 සිට 1990 දක්වා වසර 120ක පමණ කාලයේදී මුහුදු ජල මට්ටම වාර්ෂිකව මිලිලීටර 1.7කින් වැඩිවී ඇති අතර 1990 සිට 2010 පමණ වූ වසර 20ක කාලය තුළ වාර්ෂිකව මිලිලීටර 3.28කින් වැඩිවී ඇත.

මෙය ඉතා වේගවත් වැඩිවීමක් බවත්,  මෙම තත්වය ඉදිරි කාලයේදී මුළු ලෝකයටම බලපාන බවත්, ශ්‍රී ලංකාව ඇතුළු දූපත්වාසී රටවලට එය බරපතල තර්ජනයක් බවත් පොලිකාපිඕ මහත්මිය එහිදී අවධාරණය කළාය.

No comments:

Post a Comment